Monday, December 31, 2012

මිතුදමක අසිරිය....

අද මං වෙනසකටත් එක්ක ඔයාලට කවි වාදයක් අරගෙන ආවා...

අර මන් ඊයේ රෑ කවි වගයක් ලියලා දැම්මනේහිත ගිය තැන මාලිගාව කියලා.... හෙහ් හෙහ් ඒකේ කෙල්ල ඒවා අද දැකලා මාත් එක්ක මල පැනලා. පස්සේ අනම් මනම් කියද්දි එයා කියනවා ඕන එකක් කරගන්නලු එයාට ඒවා අදාල නැ කියලා.. අන්න ඒ විදිහට ඒ මං කිව්ව කෙල්ල මට කින්ඩියට වගේ කවි පදේකින් ගැහුවා. මාත් ගේම අතැරියේ නැ... මේ තියෙන්නේ ඒ කවි. ෆෝන් එකේ සල්ලි ඉවර වෙනකන් දෙන්නා තරගෙට කවි ටෙක්ස්ට් කලා නේ. මේන් ඒවා..

කෙල්ල   :-   මට අදාල නැත ඔබට තමා ඕවා අදාල....

මම          :-   මටත් අදාල නැත ඕවා..
                    එනමුත් හිට් වී ඇත එම කවිය මගේ..


කෙල්ල   :-    දුකෙන් වුවත් දෙයක් කිව යුතුය
                     මිතුර උඹට කවි ලියන්ට බැරිය බව
                     දැනගෙන හරිහැටි කරනා දෙවල් නුඹ
                     කරපන් රාජකීය නම සිහිකරමින

මම          :-    උඹේ කවියේ පද ගැලපුම චාටර්ය
                     කිව යුතු මිතුරියේ තරහා නොවනු මැන
                     උඹට කලින් මගේ කවි මගේ බ්ලොගය තුල
                     හිට් වී ඇත නුබ දුක් නොවනු මැන

 කෙල්ල   :-    නැත මට දුක ඩෝ උඹ ගැන කිසිම විට
                      ඇත්තේ එක දෙයයි එය මහ දුකක් මට
                      අඩෝ උබට හැකිනම් කවි ලියන්නට
                      පනිනවා කැළණි ගගට මෙමා දෙකක් නැත

 මම          :-    එහෙනම් බොක්ක උඹ හට ඉතුරුව ඇත්තේ
                      උඹ කිව් දේ මිසක් වෙන අන් දෙයක් නොවේ
                      මා කවි ලියා එක දෙක වී ඇත්තේ
                      එහෙයින් කැළණි ගග වෙත පා නගනු මැනේ
 
කෙල්ල   :-     එහෙනම් සිතා ගන්නට හැකිවේ මෙමට
                      ලිව්ව අනිත් උන්ගේ කවි හැකියාව
                      අඩෝ උඹට පුලුවන්නම් ලියන්නට
                      මොකෝ ලියන්නේ අද උඹ හිස් වචන

                      දන්නේ දනිති තම තමන්ගේ හැකියාව
                      පිරුණු කලේ දිය වෙන්නැ සෙලවිල්ල
                      ඒ බව උඹත් සිහිකොට හැම විට ඉන්න
                      රාජකීය කට තිබුනට වැඩ මදිය

මම          :-     රාජකීය නම පමණක්ම නොව
                      හැකියාවද මා හට ඇත නැහැ සැකය
                      කනත්ත බාලිකාවේ තෝ නාන බව
                      දෙලොවක් මැද්දේ ඉන්නා තෝ දන්නවද

කෙල්ල   :-     දැනගෙන නිබද මේ ලොව ඇති නිසරු බව
                      කිතු ගොස නගයි අපි මේ ලොව සතර දෙස
                      රාජකීය විදු මෑණිට දෙවි පිහිට
                      මෙහෙම ගියොත් වෙන්නේ උඹට නාගන්න

මම          :-     උඹ සබනුත් ගා නා අහවරය
                      මට නාන්නට තව නම් ඉතුරු නැත
                      හොද හැටි නා ගත් තෝ දැන් මෙතන
                      ඉන්නේ නැතුව පල චාටර් නොවී තව
 
                      ඊයේ මා ලිව්වේ අප්සෙට් මූඩ් එකේ
                      එනමුත් එයද හිට් වී ඇත මගේ මිතුරේ
                      එනමුත් යම් දෙයක් නිසැකව කිව යුතුවේ
                      උබටත් හොදින් පද ගැලපීමට හැකිවේ

  
කෙල්ල   :-      පල ඩෝ යන්න බොරු බයිලා නොකියා තව
                       උඹේ මුරුංගා අත්තට වැදියන් හෙනම හත
                       ඇත්තේ මෙතන ටෙක්ස්ටින් වාගේ මිතුර
                       කවි හැකියාව ගැන නුබ වද නොවනු මැන

මම          :-       මා කවි දෙක තුනක් ලියනා විට මිතුරේ
                        උඹ කවි එකක් ගලපන්නේ තටමින්නේ
                        එනමුත් උඹට හැකියාවක් නොමැත නොවේ
                        දිගු ගමනකට ආසිරි මම පතමි මෙසේ

                         කවි පද ගලපන්න උඹ ලත වෙන බවද
                         මා ඔබ හට වඩා කවි ජගතෙකුද බව
                         දැනගනු මිතුරියේ දැන්වත් තුටු සිතින
                         තරහ නොවනු තෝ මට වැලි කැට වැනිය

                         හෝහෝ මෙමට නවතන්නට බෑනේ හිනා
                         තොගේ ගොන්ටා අදහස් නොගැලපේය විනා
                         දේවිය යන්න දැන් තෝ චාටර් වීලා
                         රෝයල් අපි දින්නා ගේමක් නැතුවා
 
කෙල්ල   :-         අනේ යකෝ තොට දීල මෙහි දිනුම
                          මට වෙන්නේ කැළණි ගගට පනින්නය
                          දැනගෙන නියම කව් ගැලපුම් හැකියාව
                          දේවීය ලබා ගනීනේ මෙහි නියම ජය

මම          :-         උඹේ පද අතර ගැලපුම නම් ගූ හතය
                          මා හා හැරෙන්නටවත් තොට නම් බැරිය
                          දැන්වත් ඇත්ත තේරුම් ගෙන තෝ මෙලෙස
                          මේ කවි වාදේ ජය මා හට දීලා පල

කෙල්ල   :-          බිව්වේ කිරිද ඔටු උඹ පොඩි කාලේදි
                           දිනුම මටයි කිසි සැකයක් එහි නැත්තේ
                           ඉතින් යකෝ අදින් පස්සෙවත් ආයේ
                           තේරුම් ගනින් මිතුදම ලොකු බව ලෝකේ

මම          :-          තේරුම් ගත්තා කෙල්ලේ එය හොද පදමින්
                           තෝත් එක්ක මේ ලව් ඉලව්වට වැඩියෙන්
                           මේ ෆිට් එක වටිනව මට හොද තරමින්
                           තැන්කූ තේරුම් කලාට එය මට නියමින්


                         හරී කෝම හරි ලව් අනියතං මිතු දම නියතං... හිකිස්.. මේ උදාවන අළුත් අවුරුද්දේ ඒකියි මායි බොක්ක ෆිට් එක උනා... අන්න ඒ විදිහට ඒ ක්‍රශ් එකත් ඉවර උනා.

 එහෙනම් උදාවන නව වසර... මැසි මදුරු කරදර වලින් තොර, ලෝක විනාස වලින් තොර, රතු කහ කොල පාට වැහිවලින් සපිරි, පිටසක්වල ගමන් ඇති, අළුත් ආණ්ඩුවක් එන, හලාල් වර්ජිත.. ම්ම්ම්ම්... තව විභාග අවුල් නොවෙන, නයිට් රේස් ඇති පට්ට කෑලි සෙට් වෙන සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා !!!!









28 comments:

මාව සබ්ස්ක්‍රයිබ් කරලා කොමෙන්ටුවකුත් දාලම යන්නකෝ ඈ.. ඒක තව තව ලියන්න හයියක් වෙනවා.

  1. ඩයලොග් එකට රුපියල රුපියල ගෙවලා
    දෙන්නා එක්ක පදමට කවි වැල් ගොතලා
    නින්දක් නැතිව තරඟෙට කවි පද බැදලා
    දින්නේ කවුද නැත හරියට මෙහි කියලා

    දිනලා ඇත්තේ කොල්ලා බව මට තේරේ
    කෙල්ලා කපටි කටකාරිය බව වැටහේ
    කොච්චර වුනත් රාජකීය නම බැබලේ
    දහයෙන් දහය කොල්ලා හට ලකුණු ලැබේ

    ගිය වසරට වඩා වැඩියෙන් ලියවේවා
    ආදරියකගේ හිත නුඹ වෙත වේවා
    සුන්දර සිනාවයි කරුණාවයි බෝවා
    මගෙ සුදු මල්ලීට සුබ සෙත සැලසේවා
    ෴ සුබස සුබ නව වසරක් වේවා ෴

    ReplyDelete
    Replies
    1. නව වසරේ මගේ බ්ලොගියට මුලින්ම
      ආවේ නුඹයි අක්කේ සුභ මොහොතින්ම
      ඔබගේ කොමෙන්ටුව දැක පලමුවෙන්ම
      සතුටු කදුල නැගුනේ මේ මගේ නෙතට

      අක්කා ඇත්ත කීවේ මම පිළිගනිමි
      ඒකී කටකාරය කපටිය එය උරුමී
      එනමුත් අවසන මගේ ජය මටම හිමී
      ඔන්න එයා මගේ හොදම මිතුරි විනී

      අක්කගේ බ්ලොගත් දිනෙන් දිනම වැජඹේවා
      තවත් හොදින් ලියන්නටත් හැකිවේවා
      එලඹුණු නවවසර ඔබ හට සුභ වේවා
      සැමියෙකුගේ අත ගන්නට හැකිවේවා !!!

      Delete
  2. ඔයාටත් සුභ නව වසරක් වේවා !

    ReplyDelete
    Replies
    1. ඔයාටත් එසේම වේවා මිත්‍රයා... ආයි මේ පැත්තේ එන්නකෝ

      Delete
  3. bolaa liyala maruwata kawi pada gothala..
    Kiyawana witadi mata danuna rasa gagulaa..
    Kawda yakoo dinuwe dan kawi kiyalaa..
    Sama sama lakunu mama dennemi niyameta thopitaa..

    Subha nawa wasarak wewa !!!

    ReplyDelete
    Replies
    1. සොදුරු අක්කා කිව් විලසින් ජය ගත්තේ
      මා බැව් මටම විශ්වාසය මගේ සොයුර
      එහෙත් ඇයත් මරු පද ගලපන්නියක් බව
      කිවයුතු නිබද නැත්තම් ඇය තරහ වව

      ඔබටත් සුභ නව වසරක්... ආයි මේ පැත්තේ එන්න ඈ

      Delete
  4. සියලු පැතුම් ඉටුවෙන වාසනාවන්ත සුබ නවවසරක් වේවා

    ReplyDelete
    Replies
    1. ඔයාටත් එසේම වේවා මිත්‍රයා... ආයි මේ පැත්තේ එන්නකෝ :D

      Delete
  5. දෙන්නත් එක්ක දෙන්නාගේම රෙදි සොදා
    කලා හොදට ඇදගෙන නැවද දෙන්නා
    දැන් හරි සනිපෙට ඇති යාළුවෝ හන්දා
    යන්නම් ඉතින් සුභ නව වසරක් පතලා

    ReplyDelete
    Replies
    1. එහෙයි දැන් ඉතින් මිතුරෝ අපි හින්දා
      ආතල් එකෙ ඉදි මිතුරේ අපි දෙන්නා
      තරහා උනානම් ඇය මගේ වැඩ හින්දා
      ඉන්න වෙන්නේ දුකෙන්ය මේ මට සැමදා

      ඔබටත් සුභ නව වසරක්... ආයි මේ පැත්තේ එන්න ඈ

      Delete
  6. හි හි.. ටිකක් හිනා ගියා.

    සුබ අළුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
    Replies
    1. ඔයාටත් සුභ අලුත් අවුරුද්දක්... !!!!

      හෙහ් හෙහ් හෙහ්.... තව ටිකෙන් අඩන්න වෙන්නේ එයා තරහා උනානම්

      Delete
  7. කැරකෙන ලෝකේ වටයක් කැරකිලා යන්න
    ආවා මමත් හිච්චි මලේ මේ දැන්ම
    කොටනා පෝස්ට් එකක් නෑර කියවන්න
    ෆලෝ කලා උඹේ බ්ලොගත් මම ඔන්න

    ReplyDelete
    Replies
    1. අවතාර් අයියේ නොනිමි අහස පට්ටය
      මමත් ෆලෝ කර ඇත්තෙමි ඔබේ බ්ලොග
      හැමදා මෙහි එන්න ලියන්න අත දෙන්න
      සතුටුයි මෙවැනේ දේ හැමදා දකින විට

      ස්තුතියි ඈ !!!

      Delete
  8. මේක බැලූ විට නම් මට හිනාය...
    වැඩ්ඩෝ කියා හිතලා හිත හිතාය...
    දෙන්නම දක්ෂ බව නම් කිව මනාය...
    කෙල්ල හොඳින් පද බැඳි බව සිතාය.....

    ReplyDelete
    Replies
    1. එහෙමයි අයියේ ඇය නම් හරි කටකාරයි
      මාත් සමග ගේමට හැම විට පැමිණෙයි
      ඇයත් බ්ලොගක් ලිව්වානම් පට්ට පටයි
      සැමදා එන්න කොමෙන්ටුවට තුති බෝමයි...

      Delete
  9. හැපි 2013ක් ඈ!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. රජා අයියත් ඇවිත් තියෙන්නේ..

      තැන්කු ඈ දිගටම එන්න

      Delete
  10. අලුත් කැලැන්ඩරේ ඇවිත්
    දින ගොඩකුත් අරන් ඔන්න...
    අපිත් ඔන්න ආව මලේ
    ඔයාට සුබ පතල යන්න...
    ඒ විතරක් මදි හින්දා
    ෆොලෝ එකක් දැම්ම ඔන්න..
    එහෙනම් අපි යන්න යනවා
    ආයෙත් එන්නම් බලන්න.

    ReplyDelete
    Replies
    1. ඇවිත් දාපු කොමෙන්ටුවට
      දුන්නා ගටක් මගේ හිතට
      හැමදා ඇවිත් බලලා යන්න
      යන්න එපා ආයි එන්න :D

      Delete
  11. මල්ලී රජ්ජුරුවන්ගේ ඉස්කෝලෙද ??

    ReplyDelete
  12. ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
    මුං දෙන්නට වෙන වැඩ නැතිදෝ මංදා..
    පදවැල් ගොත ගොතා කාලේ වනසන්නා..
    කෙම්ස්ට්‍රි, පිසිස් වැඩතොග ගොඩ ගැහෙන්නා..
    ඌපේ හොඳට නාගන්නට ලැබෙන්නා..

    දෙන්නත් එක්ක කවි ලියනා අතරතුර..
    ගාණක් දෙකක් හැදුවොත්නං පට්ටමය..
    ඔය දෙන්නගෙ පට්ට සුපිරි මිතුරුදම..
    ආදරයක් වෙනලෙස පතනවා මම..

    ලැබුවා වූ මේ දහතුන අවුරුද්ද..
    කිරිපැණියෙන් ඉතිරෙන වසරක් වේවා..
    මේ වසරේ ඔබ දෙපලගෙ ආදරය..
    පෙරට වඩා දෝරෙ ගලා ඉතිරේවා..
    ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

    ReplyDelete
    Replies
    1. ඈ.... ආදරයක් :O
      උඹට අමු කැවිලද ???

      Delete
    2. :D ලොල්..
      පටං ගැන්ම ඔහොම තමා :D

      Delete
  13. අයියෝ සල්ලි..චැට් තියෙන්නෙ ඔව්වට නෙවැ..කවි ටික නම් මල් හතයි ඈ..

    ReplyDelete
    Replies
    1. හික්ස් ඔව් ඔව් චැට් කරනවා.. :D

      Delete