කාලකණ්නි හුනෙක්ගේ සද්දේ මගේ සැප මෙට්ටේ සැප කොට්ටේ ඉදලා සැපට බල බල ඉදපු ලස්සන හීනෙත් කාල මාව ඇහරුවා
රූන්න්න්න්න්න්.....
අම්මට හුඩු මොකෙක්ද යකෝ ඒ කන ගාවින් ගියේ.... ප්ලේන් එකක් සයිස් පත මදුරුවෙක්... යකෝ රෑ එළි වෙනකම්ම මම මූට ලේ බිංදු බිංදු විදිහට බිංදු ගොඩක් දන් දීල නේ.... හිච්චි කොලුවා පින් අතේ වැඩ එහෙමත් කරනවා ඈ...
හරී ඇදෙන් එලියට ජම්ප් එකක් දාල ලැපත් ඔන් කරලා කාමරෙන් එලියට බැස්සේ නිදි ගැට පහක් හයක් කඩාගෙන. උදේ පාන්දරම කිරිත් එක්ක සමහන් පාරක් දාලා බුකිය පැත්තේ රවුමක් දැම්මා... ඒකත් හරි...
_________________________________________
"පුතා පුතා....... "
අයියෝ ඒ පාර කවුද.. ??? හිච්චිගේ පියා තුමා තමා කතා කරන්නේ... ගිහින් බලමුකෝ මොකො අවුල කියලා..
ලෝක අවුලක්... මගේ සුන්දර විසිතුරු පල් ගද මාලු ටැංකියේ පැච් එකක්ලූ.....පැච් එන්නේ බයික් වල නේහ්... ඇත්ත වශයෙන්ම සුලු ලීක් එකක්... මැදැයි කරා.. දැන් උදේ පාන්දරම මේසන් බාස් වැඩේ කරන්න වෙන්වානේ
ඔන්න ඉතින් හිච්චි ගියා මව් තුමිය හම්බුවෙන්න.
"අම්මේ සිමෙන්ති ටිකක් දෙන්නකෝ...."
"මං ගාව කොහෙන්ද සිමෙන්ති. හිතුවද මම හාඩ්වෙයාර් එකක වැඩ කරන්නේ කියල..."
අප්පද බොල නයි කයිද රෝස් පාන් කිව්වලු.. ඒකත් ඇත්තනේ
හරී දැන් මේ හදිස්සියේ මහා පාන්දර කොහෙන්ද සිමෙන්ති... ඔන්න ඔය වෙලාවේ තමා අපේ තාත්තට ටිකිරි මොලේ මහල උනේ...
"පුතා අර ගබඩා කාමරේ උඩ සිමෙන්ති වගයක් තිබ්බා නේද ඉතුරු වෙලා.."
ඔව් නේ.... හරී... එහෙනම් හිච්චි කොලුවා මේසන් බාස් වැඩෙත් කලා ඕන්.. ගත්තා පොල් කට්ටක් දැම්මා සිමෙන්ති දැම්මා වතුර හැදුවා කොලොප්පු ද මොනවද කියලා ජාතියක්....
කොලුවා ගත්තා මේසන් හැන්ද ගැහුවා වතුර පාරක් ප්ලේස් එකට ෂේප් එකේ ලතාවට ලස්සනට කොලොප්පු ටික ගාල ඉවරයක් කලා..
_______________________________________
මූන කට හෝදලා කාලා බීලා ජැන්ඩි පහට හයට වගේ ඇදලා බැස්සා කොලුවා එලියට හුටාර් එකත් අරගෙන.
"දැන් නිවාඩු කාලේ හින්දා නැ ඉස්කෝලේ... ආයි ආයි ආපි ඔන්න සෙල්ලම් කාලේ..."
හිච්චි කොලුවා හිච්චිම කොලුවා කාලේ කිව්ව සංගීත කෑල්ලකුත් කියාගෙන එලියට බැස්සේ හිච්චිගේ හොදම යාලුවාගේ ගෙදර යන්න. නිවාඩු දවසේ උදේ පාන්දරම යාළුවත් හිච්චිත් යකඩ කන්න තීරණය කලා... යකඩ කන වැඩේට අතගහපු හිච්චිත් යාළුවත් වැඩේ කොන්ටිනියු කලා.... එහෙනම් ඒ වැඩ ටික කරලා කස්ටියව හම්බුවෙන්න ආයි එන්නම් හොදේ...
ටටා බායි !!!
ප.ලි.
යකඩ කනවා කියල කිව්වේ මෙන්න මේක ඈ... (දැන් ඉතින් මඩ ගහනවා එහෙම නෙමෙයි)
හිච්චි කිව්වට කොලුවා හිච්චි නෑ ඕං.... :D
//..හුටාර් එකත්....// හුටාර්ද ෆුටාර් ද :P
ReplyDeleteකැමති විදිහකට හිතාගන්නකෝ
Delete