ඔයාට මාව විස්වාසයිද රෝසී (අයි සී යූ...අයි ෆීඊඊඊඊල් යූ)
ඔව් ජැක් මට ඔයාව විස්වාසයි (දෑටිස් හව් අයි නෝ යූ...)
අපි අපේ ලෝකයක් හොයාගෙන පියාඹලා යමු රෝසි (ගෝ ඕන්න්..)
අඩේ මොකක්ද බොල ඒ කුජීත ඇඩ් එක... ඒ මදිවට මහා හයියෙන් ටී.වී එකත් දාලා. යකෝ මුන් එකෙක්ටවත් තේරෙන්නේ නැනේ මම බුදි කියලා. ඊයේ රෑ ලෝක විනාසේ වෙන හැටි බලන්න හිටියා කොහෙද ඒක උනෙත් නැ.. හැබැයි මරු ප්‍රෝග්‍රෑම් එකක් නම් බැලුවා... ඇතුලාන්තය මරුවට කිව්වා ඕක ගැන. රෝසා සර්ත් ඇවිත් හිටියේ... මොක උනත් ලස්සන ප්‍රෝග්‍රෑම් එක.. අන්තිමට මොනවා කරන්නද 2012 පිලුම් එක බලලා මහ පාන්දර හැමෝමට සුභ ලෝක විනාසයක් විශ් කරලා දොයිගත්තා...
"අම්මේ ඕක අඩු කරන්න.." කියලා නිදාගත්තා විතරයි
බව්ව්ව්ව්ව් බව්ව්ව්ව්ව්..
අනේ අම්මපා මේ බල්ලො බුරන්නෙත් මම නිදාගන්න වෙලාවටමනේ...
බල්ලාගේ මව් තුමිය මතක් කරන ගමන් ඇදින් නැගිටලා අයිස් ඒජ් බලන්න ගත්තා.
බව්ව්ව්ව්ව්ව්... බව්ව්ව්ව්ව්... ගර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්... ගර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්...
මොන වෙඩිමක්ද මේ....
මම ගියා වෙඩිල්ල වගේ එලියට... මදර් ඔෆ් ගෝඩ්
අර ට්වලයිට් එකේ වෘකයෝ රංචුව වගේ... වගේ හොදේ බලු රංචුවක්... යකඩෝ 12ක් විතර ඉන්නවා. ඒ එක්ක එහා ගෙදර බැල්ලිත් ඉන්නවා... එහා ගෙදර මිනිස්සු ඇති කරන ගැනු බල්ලා හොදේ බැල්ලී කිව්වේ. නැත්තම් කියයි අසභ්‍යයයි කියලා අපි....
![]() |
මෙන්න මේ වගේ තමා බලු රංචුව |
මට පේන්නේ බල්ලෝ සෙට් එක බැල්ලිගේ හිත දිනාගන්න දගලනවද කොහෙද..... හිකිස්... අපේ කොල්ලොත් ඔය වගේනේ... සද්දේ දාන්නේ කෙල්ල ඉස්සරහනේ.. ඒවා වැඩැක් නැ මේක දැන් මට මහ වදයක් උනා.. මොකද කලේ මම යුද්ධ ප්‍රකාශ කලා උන්ට..
තොපි එක බල්ලෙක් අපේ වත්තේ සීමවට එන්නේ නැ කියලා උන්ව මම පන්න ගත්තා. මොක උනත් එක පාරට ප්‍රහාර එල්ල කරන්න හොද නැනේ..
අඩේ මුන් බල්ලොන්ගෙත් බල්ලෝ ටිකක්.... මුන් මෙන්න ආයි එනවා... මේ බැල්ලෙගේ කූඩුව ලග තමා මුන් දගලන්නේ. ඒකට යන්නේ අපේ වත්ත හරහා. අනේ ඉකේ නන්නානේ කිව්වලු...
![]() |
මේ විදිහට තමයි මුන්ගේ ගේම් ප්ලැන තිබ්බේ... ඔය රතු පාටින් තියෙන්නේ බල්ලොන්ගේ ගමන් මාර්ගය |
දැන් වැඩේ මට ඇතිම උනා.. හොයාගත්තා පත ගල් ටිකක්.. තියාගත්තා පෝටිකෝවේ. ආයිත් වරෙන්කෝ කියලා මම අයිස් ඒජ් බලන්න ගත්තා. ඔන්න මට ආයි මගේ හතුරු සේනාවගේ සද්දේ ඇහෙනවා... මාව තරහෙන් පොපියනවා... යෞවනේ පොපියන චමත්කාරෙන් උගුරකුත් බීල සරමත් උස්සගෙන ඉස්සුවා කිව්වට කැහැපට ගහනවද මොකක්ද කියන්නේ අන්න එහෙම කරගෙන ගත්තා ගල් ටික ගත්තා ටාගට් එක... අණ ලැබෙන්න විතරයි තියෙන්නේ ප්‍රහාරය දියත් කරන්න. වෙන කවුරුත් නැ අණ දෙන්න.. මමම අණ දීලා ගැහුවා.. එලම තමයි පළමු ප්‍රහාරය අති සාර්ථකයි...3කට විතර වැදුනා නස්පු* වෙන්න.
කෝමින් කෝම හරි තුන් හතර පාරකට ඔය වගේ යුද්දේ ගියා. අන්තිමට උන්ටම එපා උනාද කොහෙද අපේ ගේ ළගින්නම් ආයි ගියේ නැ. අන්තිමට මට අයිස් ඒජ් බලන්න උනෙත් නැ. බල්ලොන්ගේ වදේ නම් ඉවර කරගත්තා....
අන්තිමට ලෝක විනාසේ කෙසේ වෙතත් බල්ලොන්ගේ විනාසේ නම් කරා...
ප. ලි.
බල්ලන්ගේ සහ බැල්ලිගේ ප්‍රේම සම්බන්ධයට එල්ල වූ බාධාවට මාගේ සාතීශය සංවේගය.
සාරංශය...
මෙතන කියවුන ලවු ස්ටෝරී අතරින් හොදම ලවු ස්ටෝරිය,
ට්වයිලයිට් < බලු ලව් එක < ටයිටැනික්
හැමොටම බුදු සරණයි ඈ...
oya adara palahilawu walata baaldi danawa kiyanne loku pawak bn..
ReplyDeleteAra ballita dan yana kaladasaawa mkakda??? :P
ඔය දැන් යස අගේට එහා පාරේ ලවු කරන්නේ අපිට වද නොදී
Deleteehenam ithin awulak na onn.. :D
Deleteඅනේ අපොයි බල්ලෙක්ටවත් අද නිදහසේ පාරේ බැහැලා යන්න බැරි හැටි :P
ReplyDeleteමේවා දිට්ඨදම්මවේදනීයවම පඩිසන් දෙයිද දන්නේ නැහැ :P
ReplyDeleteමට පේන්නේ දැනටමත් පල දෙනවා වගේ :(
Delete