Wednesday, December 19, 2012

ලෝක විනාසය හා ඇහෙන කතා

අයියෝ දැන්නම් මේක තිත්ත වෙලා අෆ්ෆලා.....
කලින් 12.12.12. දැන් ලෝකේ විනාසේ.. මොන බම්බුවක්ද ඕයි මේ....

ටීවි එකවත් බලන්න නැ හැම එකාව ලෝක විනාසේ මාකට් කරනවා. මගේ නම් අදහස මෙතන සිද්ද වෙන දේවල් වලට වඩා මවා පෑමක් කරනව කියලා... මීඩියා එකෙන් මිනිස්සුන්ව අවුස්සනවා වගේම මිනිස්සුත් මේක ගැන ඔනාවට වඩා හිතනවා වැඩියි... ඔන්න ඔතන තමා මෙතන අවූල වෙල තියෙන්නේ..


මේ කට තියන් ඉන්න බැරුව කියන්න බැරි හින්දා තමා මේ ලියන්නේ..... මොකක්ද අයිසේ මේ බම්බුව.

                             ලංකාවේ ඉන්න මිනිස්සුන්ගේ හැටියක් තමයි කොහොමත් එක දෙක කරලා කියන එක ඒ විතරක් නෙමෙයි එක එක ඒවා හොයාගෙන යන එක... එහෙම කියද්දි මට හරි සොදුරු චරිතයක් මතක් වෙනවා. ඒ තමා කෝපි කඩේ අබිලිංගේ චරිතය. දන්න දේකුත් නැ හැබැයි මවා පෑමකින් හැම තැනම කේලම් කියනවා.. ඒ වගේ වැඩක් තමා දැන් මේ දවස් ටිකෙත් වෙන්නේ....


              එක එක අය තමන්ගේ හිතට එන අදහස් තම තමුන්ට කැමති විදිහට කියනවා. ඉතින් ඕවා අහන් ඉන්න උන් තවත් තැන් වල ගිහින් කියනවා. ඊලගට මිනිස්සු බොරුවට කලබල වෙනවා...

දැන් බලන්න රතු වැස්සක් වැස්සලු,

කට්ටියක් කියනවා....


  • පිටසක්වල ජීවී ආක්‍රමණයක්ලු.
  • පිටරටක කරපු ජෛව රසායනික අවියක ප්‍රතිපලයක්ලු.

          මේ වගේ මේක ගැන එක එක අයගේ අයිඩියාස් හැමෝම හැමතැනම කියනවා... ඉතින් මේ වගේ කතා ඇහුවම ඊලගට මිනිස්සු කලබල වෙනවා... ඒත් අන්තිමට මොකක්ද උනේ ???

රතු වැස්ස ස්වාභාවික සංසිද්ධියක් මත සිද්ද වෙච්ච දෙයක් කියලා බ්‍රිතාන්‍ය බකිංහැම් විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා මධ්‍යස්ථාන කේන්ද්‍රයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතා කියලා තියෙනවා....
         ඔහුට අනුව නම් අපි කවුරුත් දන්නා විදිහට උල්කා වැටීම සාමාන්‍ය දෙයක්. ඒවා පෘථිවියට වැටෙනකොට වායුගෝලයේ දහනය වෙලා තමයි වැටෙන්නේ... ඉතින් එතකොට ඇතිවෙන දුවිලි අංශු වායුගෝලයේ තිබිලා වැහි වලා සමග එකතුවෙලා වැහි ජලය සමග එනවා කියලා තමයි විශ්වාස කරන්නේ..




ඔන්න ඊට පස්සේ දොළක වතුර රතු උනා කිව්වා... පැහැදිලිවම එතන වෙලා තියෙන්නේ ඇල්ගී වැඩිමක් බව හිතාගන්න පුලුවන්.

ඊලගට තව ප්‍රදේශයක කහ වැස්සක් වැටුනා කියලා කියන්න ගත්තා... ඒත් ඉතින් අර විදිහටම උල්කාවක දුවිලි අංශුම වෙන්න ඔනනේ..

අපි ඉස්සරත් අහල තියෙනවා මාලු වැහි ගැන... ඒත් දැන් මිනිස්සු ඒකත් ලෝක විනාසෙට සම්බන්ද කරගෙන කතා කරනවා...
ඇයි මන්දා මේ මිනිස්සු මේම කතා හදන්නේ ???

ඇඹිලිපිටියටත් රුහුණු විශ්වවිද්‍යාලයටත් මේ විදිහට මාලු වැහි වැහැලා තියෙනවා.මගේ නම් අදහස මේ ඔක්කෝම ස්වාභාවික සංසිද්ධි.මොකද ටොනාඩෝ එකකට මුහුදේ ජලය සමග මාලුන්ද ඉහලට නැගෙන්න පුලුවන් වගේම පස්සේ වැස්ස සමග උන් පාලට වටෙන්නත් පුලුවන්නේ



ඊලගට එක එක අභිරහස් යානා සමහරු දැකලා තියෙනවා. නමුත් ඒවා පිළිබදව ගුවන් හමුදාවේ රේඩර් වල සටහන් වෙලා නැ... ඒ කියන්නේ ඇත්තටම මේක වෙන්න පුලුවන්ද නැත්තම් මේක මවා පෑමක්ද ???

ඊළගට මේ මායාවරුන්ගේ කැලැන්ඩරේ.. ඒකට අනුව 2012.12.21 ලෝකේ විනාස වෙනවලු..

ඔවුන් කුමක් හෝ දියුණු තාක්ශණක් තිබු වාසින් බව අපට තේරුම් ගත හැකි වුනත් ඔවුන් මේ කියන විදිහට ලෝකේ විනාශ වෙන්න පුලුවන්ද ?? මේ ගැන පරීක්ශන කරන නාසා වගේ ආයතන නම් කියන්නේ මේ වගේ දෙයක් නුදුරු අනාගතේ සිද්ද වෙන්නේ නැති බවයි.... ඒ වගේම මායවරු කිව්ව විදිහට දවස් ගණනක් හිරු පායන්නේ නැතුව අදුරක් ඇති විය නොහැකි බවයි..




මේ ලෝක විනාසය කියන කතාව ගැන මගේ අදහස නම්,
       මෙතන ඇත්තටම සිද්ද වෙන්නේ ලෝකේ විනාශයක් නෙමෙයි නමුත් මිනිසාගේ චින්තනයේ වෙනසක් වෙන්න පුලුවන් කියලයි මගේ අදහස. මිනිස්සු ජීවත් වන රටාව ඔවුන්ගේ ගති පැවතුම් වෙනස් වෙන්න පුලුවන්. ඒ වගේම මේ දවස් වල සිද්ද වෙන ස්වාභාවික විපත් යම් හෙයකින් මෙයට හේතු වෙන්න පුලුවන්.

දැන් බෞද්ධ විශ්වාසයන්ට අනුව මේ ලෝකේ ඉන්න මිනිස්සුන්ගෙන් යහපත් වගේම අයහපත් මිනිස්සු අතරින් අයහපත් මිනිසුන් ලොවෙන් ඉවත් කරන ස්වාභාවික සංසිද්දියක් වෙන්නත් පුලුවන්....


මොකද අපිට මේ දවස් වල විවිධ අයුරින් සිද්ද වෙච්ච සිද්දි දාමයක් නිසා මරණ බොහෝ සංඛ්‍යාවක් අහන්න ලැබුණා.. ඒ හින්දා මගේ අදහස නම් මේකෙදි සිද්ද වෙන්නේ ලෝක විනාසයක් නෙමෙයි මිනිසුන්ගේ වෙනසක් හා ඔවුන්ගේ ජීවන රටාවේ වෙනසක් බවයි.....

හැමෝටම බුදුසරණයි !!!!

මාළුන්ට කැම ටිකකුත් දාලම යන්න ඈ :D 


ප. ලි.

මේ දවස් වල ඉර පායන්නෙත් නැගෙනහිරින් නෙමෙයිලු.... ඊසානෙන්ලු. හප්පද බොල ඉර කෝමද බොලව් ගානට මිම්මට නැගෙනහිරින්ම පායන්නේ. වෙනදත් ඔය විදිහටම පායපු ඉරේ දිශාව ගැන මිනිස්සු මෙච්චර හිතන්න ගත්තේ මේ දැන්නේ..... :P


මේවා ඉතින් කාට කියන්නද ???

10 comments:

මාව සබ්ස්ක්‍රයිබ් කරලා කොමෙන්ටුවකුත් දාලම යන්නකෝ ඈ.. ඒක තව තව ලියන්න හයියක් වෙනවා.

  1. කෑම දාන අයිටම් එක නම් මරු ඇ......... ඔන්න අපිත් ආවා ..... දිග ගමනකට සුභ පතනවා

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්...

      තැන්කූ වේවා !!!
      දිගටම එන්න ඈ. දිග ගමන් යන්න ඔයලගේ උදව්ව තමයි වැදගත් වෙන්නේ :D

      Delete
  2. වෙනදත් මේ කාලෙට මේවා වෙනවා. ඒත් මේ කාලේ විශේෂයි නේ...ලෝක විනාසේ අත ලඟ නේ.....:P

    ReplyDelete
  3. මමත් කෑම ටිකක් දාලා ලස්සන පොස්ට් එකක රසත් විදලා ලෝක විනාශය ගැන තිබුන බයෙන් ටිකකුත් අඩු කරන් මේ යන්න කියලා..ගිහින් එන්නම් ඇ..

    ReplyDelete
    Replies
    1. බය වෙන්ඩ එපා අප්පා... ඕක විනාස වෙන්නේ නැ.. ඇයි බොලේ මම තාම බැදලවත් නැ.. විනාස උනොත් හරි කෙලියනේ වෙන්නේ...

      යන්නම යන්න එපා ඈ.. ආයි එන්න හොදේ අපිව බලල යන්න :D

      Delete
  4. Replies
    1. ඇති යන්තම් හෙටවත් ඉවර වෙනවනම්... ;)

      Delete
  5. අදයි මේ පැත්තට ගොඩවුනේ සුබපැතුම් ...

    ReplyDelete