Sunday, December 16, 2012

කොලම්බු නයිට් රේස් ගැන ඇහෙන කතා...

ඊයේ රෑ තමයි මචං රෑ.....
 
උදේ පාන්දර ලැපෙන් වැඩ අල්ලලා හිටිය මම නිකන් අඤ්ඤ්කොරොස් උනා...

ඇයි බන් මොකෝ උනේ ??? 


ඇයි බන් බැලුවේ නැද්ද ???


මොකක්ද බන්... අළුත් එකක්ද ??? (මට හිතුනෙම දෙයියෝ මගේ මුන බලලා උදේ පාන්දරම මගේ ෆ්‍රෙන්ඩා අතේ අළුත් තුනක් එවලා ඇති කියලා)


මොන අළුත්ද බන් ඇයි ගිය අවුරුද්දෙත් තිබ්බේ...

මොකක්ද බන් ?? මට තාමත් මු කියන මගුල මීටර් වෙන්නේම නැ... මගේ මීටරේ අවුල් ගහලා තියෙන්නේ මොකෝ ඊයේ දවසෙම පන්තිනේ...

ඇයි බොල නයිට් රේස්.. උඹ බැලුවේ නැද්ද හරකෝ... ???

අනේ හරකලු.... ඒ අහිංසක සතාටවත් පාඩුවේ ඉන්න දෙන්නේ නැනේ මූ..


මොන නයිට් රේස්ද බන් එද්දි මහ රැ... ආපු ගමන් ජබොක් ගාල ඇදට පැන්නා දොයියා ගත්තා...

යාලුවා කිව්ව විදිහටනම් මහ උජාරුවට ඕක තිබිල තියෙන්නේ..... ඒත් ඉතින් බලපල්ලකෝ ඕක තිබ්බයි කියලා මහජනතාවට මොකක්වත් සෙතක් උනාද ???

මගේ නම් අදහස නැ කියලා තමයි....



                     ඒත් සමහරු මට විරුද්ද වෙයි. යකෝ පට්ට රේස් එකක්නේ පට්ට කාර් ටිකක්නේ තිබ්බේ.. කවදා බලන්න හම්බුවෙන ඒවාද බැලුවේ... අනම් මනම් කියයි.


හරී යකෝ දැන් ගියයි කියලා මොනවද උඹලා බැලුවේ...



 
 
  • මොඩිෆයි කරපු කාර්
  • බයික්
  • කොටට ඇදපු ගැනුයි උන්ගේ ගලුයි 
 
 
 ඔච්චරයිනේ බන් දැක්කේ....

ඔය ටික බලන්න තමයි ඊයේ රෑ අපේ මිනිස්සු මෙච්චර දැගලුවේ...

හරි නැද්ද මන් කියන්නේ....

දැන් බලාපියව් ඔය ටිකට් එකක ගාන කියද ????


රු 5000/-, රු 3500/-, රු 2500/-, රු 1500/-, රු 500/-, රු 50/-

        මේක ඉතින් ආසියාවේ ආස්සර්යේ නොවැ... ඕකත් මොන කජු කන ගානක්ද අපේ ආස්සර්යේ ඉන්න මිනිස්සුන්ට.. (දිව දොට්ට)

මම මේ ඒක ගැන නෙමෙයි කතා කරන්නේ.... හා දැන් බලපන්කෝ කවුද ඕක සංවිධානය කලේ... 

       නිල් බලකාය... ටෙලිවිසොන් චැනල් එකත් නිල් ක්‍රීඩා නාලිකාව... දැන් හිතපල්ලා ඕකේ සුද්ධ ලාභය කාටද යන්නේ රජ තුමාටනේ බොල...

කොහෙන් ගියත් කොම්පැනියටනේ අයිසේ වාසී....


දැන් බලන්න රේසිං කාර් බද්ද අඩු කලා හැබැයි නිකන් කාර් බද්ද වැඩි උනා.. බඩට ගැහුවේ කාගෙද ????

වෙන කාගෙද....  දන්නවනේ කාගෙද කියලා

යකෝ ඉස්සර ලක්ස 5ක් වගේ වෙච්ච මරුටිය දැන් ලක්ස 12+.... ඇඩෙනවනේ ඕයි...  

 



           හරී දැන් බලාපල්ලා මොකෝ ඔය රේස් කාර් බද්ද අඩු උනේ.... රාජ කුමාරයා කාර් පදිනවා ඒකනේ බන් ඒවා අඩු කලේ...

            අඩු කරපු ඉක්මනටම ආවනේ ලැම්බෝගිනි මර්ස්ලාගෝ එකක්.... කාගේද ඒක ???
වෙන කාගේද ගැමුණු ආචාර්ය තුමාගේ මිසක්...

රාජ කුමරයට කාර් පදින්න ඔන්න රේස් එකක් හැදුවා... කාර් අඩුවට ගෙන්නන්න බද්දා අඩු කලා. අපිට ආදරේට කරපුව නෙමෙයි නේ.....

               කෝමින් කෝම හරී ඊයේ රෙස් එක පටන් ගන්න කලින් ඔය තුමාලට ආරංචි උනානේ පෙට්‍රෝල් රු 10ක් ආයි වැඩි උනා කියලා... 



            කුමාරයා රේස් යනවා... මෙහෙ මිනිස්සුන්ගේ බඩට වැදෙනවා....  ඇයි හත් දෙයියනේ කොළඹ පාරවල් වහලා එහෙන් මිනිස්සුන්ට ගෙදර එන්න බැ... උන්ම හදපු කොළඹට උන්ම වැලිකොට්ට ගෙනත් දාලා ආයි විනාස කරනවා. ධනපති පන්තිය කියාගත් පිරිසට හැරෙන්න මේ රටේ මධ්‍යම පාන්තිකයෙක්ටවත් අහින්සක දුප්පත් ජනතාවටවත් මේකෙන් වෙච්ච වාසියක් නැත.

ධනපතීන්ටත් වෙච්ච වාසියක් නැත. බීලා වැනි වැනි ඉදලා කාර් ටිකක් බලලා ආවා. 


මේ බුකියේ මේක ගැන ලියලා තිබ්බ ආටිකල් එකක කොටසක්...

මුං සල්ලි දියකරන්නෙ සබං වාගෙ. පාරවල් හිතූ මනාපෙ වහගෙන. මිනිස්‌සු නන්නත්තාරයි. ඔය එක වැලිකොට්‌ටෙකට ට්‍රාන්ස්‌පෝට්‌ එක්‌ක රුපියල් හාරසීයක්‌වත් වැටෙනවා ඇති. වැලි කොට්‌ටම කීයක්‌ ද?. නාට්‌ටාමි වැඩ කරන්න ගිහින් ආමි එකත් නෝන්ඩි වෙනවා. මේ සල්ලි වලින් කොළඹම ජීවත්වෙන අසරණ මිනිස්‌සු කී දෙනෙක්‌ ජීවත් කරන්න පුළුවන්ද? මුං නයිට්‌ රේස්‌ තියනවා. කොළඹවටේ ලැම්බොගිනි කැරකෙව්වාම හතරමහා නිධානෙ පහළවෙනවා කියලයි හිතන්නෙ..

මෙහෙම ජෝගි නටලා අපිව අනාථ වෙච්චි කාලයක්‌ තිබුණෙ නෑ. මොනවද මේ කරන්නෙ. ක්‍රිකට්‌ ගහන්න ග්‍රවුන්ඩ් තියනවා. මග දිගට ක්‍රිකට්‌ ගහන්නෙ නෑනෙ. පාරවල් වහලා පාරවල් වල ක්‍රිකට්‌ ගැහුවොත් මොකද වෙන්නෙ?. රේස්‌ යන්න ඕනනම් ඒකටත් රුපියල් කෝටි ගණන් වියදම් කරලා කටුකුරුන්ද ගම්පොල වගේ තැන්වල ට්‍රැක්‌ හදලා තියනවා. මුං මොනවද මේ පාරවල් වහගෙන නටන ජෝගි... මහත්තය පුළුවන්නම් රෙකෝඩර් එකක්‌ ගෙනත් දෙන්න. මිනිස්‌සු කියන කතා අපි රෙකෝඩ් කරලා ගෙනත් දෙන්නම්. ඒවා ඇහුවනම් ලොක්‌කො රෙදි ඇඳගෙන පාරට බහින්නෙ නෑ.


මේකට ගොඩක් මිනිස්සුන්ගේ හද පත්ලෙන්ම බැනලා තියෙනවා මිසක් කියපු හොදක් නම් නැ..

මුළු ආට්කල් එකම බලාගන්නකෝ  ආයි කියන්න ඔනේ ඒවා ඇඩෙන්න කියල තියෙනවා... !!!!

              මගේ පිය තුමා වැඩ කරන්නෙත් ඔය රෙස් එක පටන් ගන්න තැන තියෙන හෝටලේම තමයි. එයාගෙත්, එයාට අනුව ඒ හෝටලේ ගොඩක් සේවකයන්ගෙත් මේක ගැන හොද ආකල්පයක් නම් නෙමෙයි තියෙන්නේ... ඒ ඇයි කියලනම් දන්නේ නැ.. තියෙන එකම ප්‍රතිලාභේ හොටලේට බිස්නස් ටිකක් වැඩි වෙන එක විතරලු... අනිත් ප්‍රතිලාභ ඔක්කෝම  කොම්පැනියටනේ.. !!!



අනේ මන්දා ලංකාව ආසියවේ ආස්සර්යෙලු.. ගියවෙන් ගියේ නැ මේම රේස් එකක් නම්
අදට ඇති.... කට්ටියටම බුදුසරණයි.. !!!




ප.ලි.

බය වැඩි වෙලා සන්තෝසෙට ඇඩෙනවා....



සුදු වෑන් එකක්ද කොහෙද මේ පැත්තට එනවා !!!

 

 



6 comments:

මාව සබ්ස්ක්‍රයිබ් කරලා කොමෙන්ටුවකුත් දාලම යන්නකෝ ඈ.. ඒක තව තව ලියන්න හයියක් වෙනවා.

  1. සුදු වෑන් නෙවෙයි යකෝ! කෙලින්ම ලෑම්බෝගිනි එකක් එවයි!

    ReplyDelete
    Replies
    1. ආචාර්ය ගැමුණු එයිද දන්නේ නැ :O

      Delete
  2. ලොල් :D හෙහ් හෙහ් හෙහ් හූඌඌඌඌඌඌඌඌඌඌඌඌඌ.. :D
    කෝ යකෝ මේ තාර බැරල් එක.. අම්ම ගහයි.. ඒකත් උස්සල :O
    යකෝ.. බැරල් එක ඳිල පල.. මූට ගහන්න ඕකෙ ගෙනාවෙ හරකො.. :(

    හුටා :O මේක කලු පාටනෙ.. තොට මං හෙට සුදු හුණු ගහනව :D
    උම්ම්ම්ම්ම්ම්මා ඈ :D

    ReplyDelete
  3. මේකෙන් සංචාරක ආකර්ෂණය වැඩිවෙනවා කියලා කවුරු හරි ගොබිලෙක් කිව්වා

    ReplyDelete