Monday, December 31, 2012

මිතුදමක අසිරිය....

අද මං වෙනසකටත් එක්ක ඔයාලට කවි වාදයක් අරගෙන ආවා...

අර මන් ඊයේ රෑ කවි වගයක් ලියලා දැම්මනේහිත ගිය තැන මාලිගාව කියලා.... හෙහ් හෙහ් ඒකේ කෙල්ල ඒවා අද දැකලා මාත් එක්ක මල පැනලා. පස්සේ අනම් මනම් කියද්දි එයා කියනවා ඕන එකක් කරගන්නලු එයාට ඒවා අදාල නැ කියලා.. අන්න ඒ විදිහට ඒ මං කිව්ව කෙල්ල මට කින්ඩියට වගේ කවි පදේකින් ගැහුවා. මාත් ගේම අතැරියේ නැ... මේ තියෙන්නේ ඒ කවි. ෆෝන් එකේ සල්ලි ඉවර වෙනකන් දෙන්නා තරගෙට කවි ටෙක්ස්ට් කලා නේ. මේන් ඒවා..

කෙල්ල   :-   මට අදාල නැත ඔබට තමා ඕවා අදාල....

මම          :-   මටත් අදාල නැත ඕවා..
                    එනමුත් හිට් වී ඇත එම කවිය මගේ..


කෙල්ල   :-    දුකෙන් වුවත් දෙයක් කිව යුතුය
                     මිතුර උඹට කවි ලියන්ට බැරිය බව
                     දැනගෙන හරිහැටි කරනා දෙවල් නුඹ
                     කරපන් රාජකීය නම සිහිකරමින

මම          :-    උඹේ කවියේ පද ගැලපුම චාටර්ය
                     කිව යුතු මිතුරියේ තරහා නොවනු මැන
                     උඹට කලින් මගේ කවි මගේ බ්ලොගය තුල
                     හිට් වී ඇත නුබ දුක් නොවනු මැන

 කෙල්ල   :-    නැත මට දුක ඩෝ උඹ ගැන කිසිම විට
                      ඇත්තේ එක දෙයයි එය මහ දුකක් මට
                      අඩෝ උබට හැකිනම් කවි ලියන්නට
                      පනිනවා කැළණි ගගට මෙමා දෙකක් නැත

 මම          :-    එහෙනම් බොක්ක උඹ හට ඉතුරුව ඇත්තේ
                      උඹ කිව් දේ මිසක් වෙන අන් දෙයක් නොවේ
                      මා කවි ලියා එක දෙක වී ඇත්තේ
                      එහෙයින් කැළණි ගග වෙත පා නගනු මැනේ
 
කෙල්ල   :-     එහෙනම් සිතා ගන්නට හැකිවේ මෙමට
                      ලිව්ව අනිත් උන්ගේ කවි හැකියාව
                      අඩෝ උඹට පුලුවන්නම් ලියන්නට
                      මොකෝ ලියන්නේ අද උඹ හිස් වචන

                      දන්නේ දනිති තම තමන්ගේ හැකියාව
                      පිරුණු කලේ දිය වෙන්නැ සෙලවිල්ල
                      ඒ බව උඹත් සිහිකොට හැම විට ඉන්න
                      රාජකීය කට තිබුනට වැඩ මදිය

මම          :-     රාජකීය නම පමණක්ම නොව
                      හැකියාවද මා හට ඇත නැහැ සැකය
                      කනත්ත බාලිකාවේ තෝ නාන බව
                      දෙලොවක් මැද්දේ ඉන්නා තෝ දන්නවද

කෙල්ල   :-     දැනගෙන නිබද මේ ලොව ඇති නිසරු බව
                      කිතු ගොස නගයි අපි මේ ලොව සතර දෙස
                      රාජකීය විදු මෑණිට දෙවි පිහිට
                      මෙහෙම ගියොත් වෙන්නේ උඹට නාගන්න

මම          :-     උඹ සබනුත් ගා නා අහවරය
                      මට නාන්නට තව නම් ඉතුරු නැත
                      හොද හැටි නා ගත් තෝ දැන් මෙතන
                      ඉන්නේ නැතුව පල චාටර් නොවී තව
 
                      ඊයේ මා ලිව්වේ අප්සෙට් මූඩ් එකේ
                      එනමුත් එයද හිට් වී ඇත මගේ මිතුරේ
                      එනමුත් යම් දෙයක් නිසැකව කිව යුතුවේ
                      උබටත් හොදින් පද ගැලපීමට හැකිවේ

  
කෙල්ල   :-      පල ඩෝ යන්න බොරු බයිලා නොකියා තව
                       උඹේ මුරුංගා අත්තට වැදියන් හෙනම හත
                       ඇත්තේ මෙතන ටෙක්ස්ටින් වාගේ මිතුර
                       කවි හැකියාව ගැන නුබ වද නොවනු මැන

මම          :-       මා කවි දෙක තුනක් ලියනා විට මිතුරේ
                        උඹ කවි එකක් ගලපන්නේ තටමින්නේ
                        එනමුත් උඹට හැකියාවක් නොමැත නොවේ
                        දිගු ගමනකට ආසිරි මම පතමි මෙසේ

                         කවි පද ගලපන්න උඹ ලත වෙන බවද
                         මා ඔබ හට වඩා කවි ජගතෙකුද බව
                         දැනගනු මිතුරියේ දැන්වත් තුටු සිතින
                         තරහ නොවනු තෝ මට වැලි කැට වැනිය

                         හෝහෝ මෙමට නවතන්නට බෑනේ හිනා
                         තොගේ ගොන්ටා අදහස් නොගැලපේය විනා
                         දේවිය යන්න දැන් තෝ චාටර් වීලා
                         රෝයල් අපි දින්නා ගේමක් නැතුවා
 
කෙල්ල   :-         අනේ යකෝ තොට දීල මෙහි දිනුම
                          මට වෙන්නේ කැළණි ගගට පනින්නය
                          දැනගෙන නියම කව් ගැලපුම් හැකියාව
                          දේවීය ලබා ගනීනේ මෙහි නියම ජය

මම          :-         උඹේ පද අතර ගැලපුම නම් ගූ හතය
                          මා හා හැරෙන්නටවත් තොට නම් බැරිය
                          දැන්වත් ඇත්ත තේරුම් ගෙන තෝ මෙලෙස
                          මේ කවි වාදේ ජය මා හට දීලා පල

කෙල්ල   :-          බිව්වේ කිරිද ඔටු උඹ පොඩි කාලේදි
                           දිනුම මටයි කිසි සැකයක් එහි නැත්තේ
                           ඉතින් යකෝ අදින් පස්සෙවත් ආයේ
                           තේරුම් ගනින් මිතුදම ලොකු බව ලෝකේ

මම          :-          තේරුම් ගත්තා කෙල්ලේ එය හොද පදමින්
                           තෝත් එක්ක මේ ලව් ඉලව්වට වැඩියෙන්
                           මේ ෆිට් එක වටිනව මට හොද තරමින්
                           තැන්කූ තේරුම් කලාට එය මට නියමින්


                         හරී කෝම හරි ලව් අනියතං මිතු දම නියතං... හිකිස්.. මේ උදාවන අළුත් අවුරුද්දේ ඒකියි මායි බොක්ක ෆිට් එක උනා... අන්න ඒ විදිහට ඒ ක්‍රශ් එකත් ඉවර උනා.

 එහෙනම් උදාවන නව වසර... මැසි මදුරු කරදර වලින් තොර, ලෝක විනාස වලින් තොර, රතු කහ කොල පාට වැහිවලින් සපිරි, පිටසක්වල ගමන් ඇති, අළුත් ආණ්ඩුවක් එන, හලාල් වර්ජිත.. ම්ම්ම්ම්... තව විභාග අවුල් නොවෙන, නයිට් රේස් ඇති පට්ට කෑලි සෙට් වෙන සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා !!!!









Sunday, December 30, 2012

හිත ගිය තැන මාලිගාව

ගොඩ කාලෙකින් පෝස්ටුවක් දාන්නත් බැරි උනා. බ්ලොග පාලුවට ගිහිල්ල... මකුළු දැලුත් බැදලා ද කොහෙද....මේ දවස් වල හලී ප්‍රශ්නෙනේ ලියන්නවත් මුකුත් අයිඩියා එකක් එන්නෙත් නැ ඔලුවට. මෙහෙන් මේක වේලෙනවා.. දුකේ බැ.අනේ මන්දා මොනවා වෙනවද කියලා.. අර මායා කාරයෝ කිව්වා වගෙ අලුත් යුගයක් ආරම්භ වෙලාද මන්දා.... මුලු ලෝකේම කම්මැලි මොකක්ද එහෙකින් වහලා වගේ... පුදුම කම්මැලි කමක්නේ තියෙන්නේ.

කිසිම කික් එකක් නැ. ඉන්න ගමන් නිකන් පෙම් කවි පද සිතිවිලි මගේ සිතට පහල උනා. ලොල් ඈ... ඕන් ඉතින් ලිව්වා

පොත් සල්පිලක ඔබ මා හා ඇස ගැටුනා
අපගේ මිතුදමත් දින දින වැඩිම උනා
පන්තියේ බස් රථයේ නිතරම හමුම උනා
මගෙ සිත කෙමෙන් ඔබ රුව හට පෙම් බැන්දා..

ඇයිදෝ දෙවියනී මා මේ වරද කලේ
මගේ මිතුරියට මා මෙලෙසින් පෙම් බැන්දේ
මගෙ සිත කවදවත් මට නොම සම දෙන්නේ
මහට ඔබව අමතක බැ මෙය ලිව්වේ

කොන්ඩය කෙටිය මුහුනත් හොද පැහැපත්ය
ජොලියට බරය ගති පැවතුම් හොදම විය
උපතින් මුඛරි බව නම් ඇය හා සතුය
එහෙයින් මගෙ සිතත් නිතරම ඇය ලගය


ඉන්නට බැ හැම විට හිත ඇය ලගය
අමාරුවෙන් අදහස මා පැවසීය
ගත් කටටම ඇය මට අනේ බැ කීය
අපි යාලුවෝ වගේ සැමදා ඉමු කීය

ඇයිදෝ මචං උබ මෙච්චරට ගනන්
ඉන්නකෝ මගේ වී හැමදා  ජොලිනේ මචං
අනේ බැහැ මම ඔව්වට නැනේ මචං
අයියෝ සල්ලි හදවත මගේ කුඩුනේ බොලව්....
 

මගේ කිව්වට මගේ නෙමෙයි හොදේ... යාලුවෙකුගේ අත්දැකිමක් මම කවි සිතුවිලි කලා.. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.... තව ලියන්න හිතුනත් ලියන්න බැ වගේ... හිකිස් මේක ආයි කියවනකොට මටම හිනා... දුක්බර විදිහට ලව් කවි ලියන්න අරගෙන සුපුරුදු පිස්සු ආතල් ජොලි පොර විදිහට ඉවර කරලා..ආරේ ගුන නැරේ නේ... කෝම උනත් ජොලි කවියකින් දුක්බර ලව් ස්ටෝරිය ඉවර කලා... හෙහ් හෙහ්

ආහ් කියන්න බැරි උනානේ
මේ දවස් වල මාර බිසි. ඒකයි කාලෙකින් ලියන්න බැරි උනේ... පොටෝ ගහන්න ගියානේ යාලුවෝ එක්ක. ඒවායේ රස රස කතාත් ලියන්නම්කෝ.. ඔන්න හෙට අලුත්ම කතාවක් අරගෙන එන්නම්. අදට ඇති.. පොඩ්ඩක් දුක්බර මූඩ් එකක ඉන්නේ... :D




කට්ටියට බුදුසරණයි...


ප.ලි.

හරී හරී බොරු ඔනේ නැනේ යාලුවා කිව්වේ මමම තමා හොදේ... හිකිස් :D

Saturday, December 22, 2012

බල්ලෝ සමග යුද ප්‍රකාශ කිරීම

මං... මං..ආව ජැක්... (පසුබිමින්- එවුරි නයිට් ඉන් මයි ඩ්‍රීම්ස්....)

ඔයාට මාව විස්වාසයිද රෝසී (අයි සී යූ...අයි ෆීඊඊඊඊල් යූ)

ඔව් ජැක් මට ඔයාව විස්වාසයි (දෑටිස් හව් අයි නෝ යූ...)

අපි අපේ ලෝකයක් හොයාගෙන පියාඹලා යමු රෝසි (ගෝ ඕන්න්..)


                          අඩේ මොකක්ද බොල ඒ කුජීත ඇඩ් එක... ඒ මදිවට මහා හයියෙන් ටී.වී එකත් දාලා. යකෝ මුන් එකෙක්ටවත් තේරෙන්නේ නැනේ මම බුදි කියලා. ඊයේ රෑ ලෝක විනාසේ වෙන හැටි බලන්න හිටියා කොහෙද ඒක උනෙත් නැ.. හැබැයි මරු ප්‍රෝග්‍රෑම් එකක් නම් බැලුවා... ඇතුලාන්තය  මරුවට කිව්වා ඕක ගැන. රෝසා සර්ත් ඇවිත් හිටියේ... මොක උනත් ලස්සන ප්‍රෝග්‍රෑම් එක.. අන්තිමට මොනවා කරන්නද 2012 පිලුම් එක බලලා මහ පාන්දර හැමෝමට සුභ ලෝක විනාසයක් විශ් කරලා දොයිගත්තා... 


"අම්මේ ඕක අඩු කරන්න.."  කියලා නිදාගත්තා විතරයි

බව්ව්ව්ව්ව් බව්ව්ව්ව්ව්..
අනේ අම්මපා මේ බල්ලො බුරන්නෙත් මම නිදාගන්න වෙලාවටමනේ...


බල්ලාගේ මව් තුමිය මතක් කරන ගමන් ඇදින් නැගිටලා අයිස් ඒජ් බලන්න ගත්තා.

බව්ව්ව්ව්ව්ව්... බව්ව්ව්ව්ව්... ගර්
ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්... ගර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්...

මොන වෙඩිමක්ද මේ....

මම ගියා වෙඩිල්ල වගේ එලියට... මදර් ඔෆ් ගෝඩ්

                  අර ට්වලයිට් එකේ වෘකයෝ රංචුව වගේ... වගේ හොදේ බලු රංචුවක්... යකඩෝ 12ක් විතර ඉන්නවා. ඒ එක්ක එහා ගෙදර බැල්ලිත් ඉන්නවා... එහා ගෙදර මිනිස්සු ඇති කරන ගැනු බල්ලා හොදේ බැල්ලී කිව්වේ. නැත්තම් කියයි අසභ්‍යයයි කියලා අපි....


මෙන්න මේ වගේ තමා බලු රංචුව


      මට පේන්නේ බල්ලෝ සෙට් එක බැල්ලිගේ හිත දිනාගන්න දගලනවද කොහෙද..... හිකිස්... අපේ කොල්ලොත් ඔය වගේනේ... සද්දේ දාන්නේ කෙල්ල ඉස්සරහනේ.. ඒවා වැඩැක් නැ මේක දැන් මට මහ වදයක් උනා.. මොකද කලේ මම යුද්ධ ප්‍රකාශ කලා උන්ට..

      තොපි එක බල්ලෙක් අපේ වත්තේ සීමවට එන්නේ නැ කියලා උන්ව මම පන්න ගත්තා. මොක උනත් එක පාරට ප්‍රහාර එල්ල කරන්න හොද නැනේ..


              අඩේ මුන් බල්ලොන්ගෙත් බල්ලෝ ටිකක්.... මුන් මෙන්න ආයි එනවා... මේ බැල්ලෙගේ කූඩුව ලග තමා මුන් දගලන්නේ. ඒකට යන්නේ අපේ වත්ත හරහා. අනේ ඉකේ නන්නානේ කිව්වලු...  

මේ විදිහට තමයි මුන්ගේ ගේම් ප්ලැන තිබ්බේ... ඔය රතු පාටින් තියෙන්නේ බල්ලොන්ගේ ගමන් මාර්ගය

                      දැන් වැඩේ මට ඇතිම උනා.. හොයාගත්තා පත ගල් ටිකක්.. තියාගත්තා පෝටිකෝවේ. ආයිත් වරෙන්කෝ කියලා මම අයිස් ඒජ් බලන්න ගත්තා. ඔන්න මට ආයි මගේ හතුරු සේනාවගේ සද්දේ ඇහෙනවා... මාව තරහෙන් පොපියනවා... යෞවනේ පොපියන චමත්කාරෙන් උගුරකුත් බීල සරමත් උස්සගෙන ඉස්සුවා කිව්වට කැහැපට ගහනවද මොකක්ද කියන්නේ අන්න එහෙම කරගෙන ගත්තා ගල් ටික ගත්තා ටාගට් එක... අණ ලැබෙන්න විතරයි තියෙන්නේ ප්‍රහාරය දියත් කරන්න. වෙන කවුරුත් නැ අණ දෙන්න.. මමම අණ දීලා ගැහුවා.. එලම තමයි පළමු ප්‍රහාරය අති සාර්ථකයි...3කට විතර වැදුනා නස්පු* වෙන්න. 

කෝමින් කෝම හරි තුන් හතර පාරකට ඔය වගේ යුද්දේ ගියා. අන්තිමට උන්ටම එපා උනාද කොහෙද අපේ ගේ ළගින්නම් ආයි ගියේ නැ. අන්තිමට මට අයිස් ඒජ් බලන්න උනෙත් නැ. බල්ලොන්ගේ වදේ නම් ඉවර කරගත්තා....

අන්තිමට ලෝක විනාසේ කෙසේ වෙතත් බල්ලොන්ගේ විනාසේ නම් කරා...


ප. ලි.

බල්ලන්ගේ සහ බැල්ලිගේ ප්‍රේම සම්බන්ධයට එල්ල වූ බාධාවට මාගේ සාතීශය සංවේගය.


සාරංශය...

මෙතන කියවුන ලවු ස්ටෝරී අතරින් හොදම ලවු ස්ටෝරිය,

ට්වයිලයිට් < බලු ලව් එක < ටයිටැනික්




හැමොටම බුදු සරණයි ඈ...

Wednesday, December 19, 2012

ලෝක විනාසය හා ඇහෙන කතා

අයියෝ දැන්නම් මේක තිත්ත වෙලා අෆ්ෆලා.....
කලින් 12.12.12. දැන් ලෝකේ විනාසේ.. මොන බම්බුවක්ද ඕයි මේ....

ටීවි එකවත් බලන්න නැ හැම එකාව ලෝක විනාසේ මාකට් කරනවා. මගේ නම් අදහස මෙතන සිද්ද වෙන දේවල් වලට වඩා මවා පෑමක් කරනව කියලා... මීඩියා එකෙන් මිනිස්සුන්ව අවුස්සනවා වගේම මිනිස්සුත් මේක ගැන ඔනාවට වඩා හිතනවා වැඩියි... ඔන්න ඔතන තමා මෙතන අවූල වෙල තියෙන්නේ..


මේ කට තියන් ඉන්න බැරුව කියන්න බැරි හින්දා තමා මේ ලියන්නේ..... මොකක්ද අයිසේ මේ බම්බුව.

                             ලංකාවේ ඉන්න මිනිස්සුන්ගේ හැටියක් තමයි කොහොමත් එක දෙක කරලා කියන එක ඒ විතරක් නෙමෙයි එක එක ඒවා හොයාගෙන යන එක... එහෙම කියද්දි මට හරි සොදුරු චරිතයක් මතක් වෙනවා. ඒ තමා කෝපි කඩේ අබිලිංගේ චරිතය. දන්න දේකුත් නැ හැබැයි මවා පෑමකින් හැම තැනම කේලම් කියනවා.. ඒ වගේ වැඩක් තමා දැන් මේ දවස් ටිකෙත් වෙන්නේ....


              එක එක අය තමන්ගේ හිතට එන අදහස් තම තමුන්ට කැමති විදිහට කියනවා. ඉතින් ඕවා අහන් ඉන්න උන් තවත් තැන් වල ගිහින් කියනවා. ඊලගට මිනිස්සු බොරුවට කලබල වෙනවා...

දැන් බලන්න රතු වැස්සක් වැස්සලු,

කට්ටියක් කියනවා....


  • පිටසක්වල ජීවී ආක්‍රමණයක්ලු.
  • පිටරටක කරපු ජෛව රසායනික අවියක ප්‍රතිපලයක්ලු.

          මේ වගේ මේක ගැන එක එක අයගේ අයිඩියාස් හැමෝම හැමතැනම කියනවා... ඉතින් මේ වගේ කතා ඇහුවම ඊලගට මිනිස්සු කලබල වෙනවා... ඒත් අන්තිමට මොකක්ද උනේ ???

රතු වැස්ස ස්වාභාවික සංසිද්ධියක් මත සිද්ද වෙච්ච දෙයක් කියලා බ්‍රිතාන්‍ය බකිංහැම් විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා මධ්‍යස්ථාන කේන්ද්‍රයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතා කියලා තියෙනවා....
         ඔහුට අනුව නම් අපි කවුරුත් දන්නා විදිහට උල්කා වැටීම සාමාන්‍ය දෙයක්. ඒවා පෘථිවියට වැටෙනකොට වායුගෝලයේ දහනය වෙලා තමයි වැටෙන්නේ... ඉතින් එතකොට ඇතිවෙන දුවිලි අංශු වායුගෝලයේ තිබිලා වැහි වලා සමග එකතුවෙලා වැහි ජලය සමග එනවා කියලා තමයි විශ්වාස කරන්නේ..




ඔන්න ඊට පස්සේ දොළක වතුර රතු උනා කිව්වා... පැහැදිලිවම එතන වෙලා තියෙන්නේ ඇල්ගී වැඩිමක් බව හිතාගන්න පුලුවන්.

ඊලගට තව ප්‍රදේශයක කහ වැස්සක් වැටුනා කියලා කියන්න ගත්තා... ඒත් ඉතින් අර විදිහටම උල්කාවක දුවිලි අංශුම වෙන්න ඔනනේ..

අපි ඉස්සරත් අහල තියෙනවා මාලු වැහි ගැන... ඒත් දැන් මිනිස්සු ඒකත් ලෝක විනාසෙට සම්බන්ද කරගෙන කතා කරනවා...
ඇයි මන්දා මේ මිනිස්සු මේම කතා හදන්නේ ???

ඇඹිලිපිටියටත් රුහුණු විශ්වවිද්‍යාලයටත් මේ විදිහට මාලු වැහි වැහැලා තියෙනවා.මගේ නම් අදහස මේ ඔක්කෝම ස්වාභාවික සංසිද්ධි.මොකද ටොනාඩෝ එකකට මුහුදේ ජලය සමග මාලුන්ද ඉහලට නැගෙන්න පුලුවන් වගේම පස්සේ වැස්ස සමග උන් පාලට වටෙන්නත් පුලුවන්නේ



ඊලගට එක එක අභිරහස් යානා සමහරු දැකලා තියෙනවා. නමුත් ඒවා පිළිබදව ගුවන් හමුදාවේ රේඩර් වල සටහන් වෙලා නැ... ඒ කියන්නේ ඇත්තටම මේක වෙන්න පුලුවන්ද නැත්තම් මේක මවා පෑමක්ද ???

ඊළගට මේ මායාවරුන්ගේ කැලැන්ඩරේ.. ඒකට අනුව 2012.12.21 ලෝකේ විනාස වෙනවලු..

ඔවුන් කුමක් හෝ දියුණු තාක්ශණක් තිබු වාසින් බව අපට තේරුම් ගත හැකි වුනත් ඔවුන් මේ කියන විදිහට ලෝකේ විනාශ වෙන්න පුලුවන්ද ?? මේ ගැන පරීක්ශන කරන නාසා වගේ ආයතන නම් කියන්නේ මේ වගේ දෙයක් නුදුරු අනාගතේ සිද්ද වෙන්නේ නැති බවයි.... ඒ වගේම මායවරු කිව්ව විදිහට දවස් ගණනක් හිරු පායන්නේ නැතුව අදුරක් ඇති විය නොහැකි බවයි..




මේ ලෝක විනාසය කියන කතාව ගැන මගේ අදහස නම්,
       මෙතන ඇත්තටම සිද්ද වෙන්නේ ලෝකේ විනාශයක් නෙමෙයි නමුත් මිනිසාගේ චින්තනයේ වෙනසක් වෙන්න පුලුවන් කියලයි මගේ අදහස. මිනිස්සු ජීවත් වන රටාව ඔවුන්ගේ ගති පැවතුම් වෙනස් වෙන්න පුලුවන්. ඒ වගේම මේ දවස් වල සිද්ද වෙන ස්වාභාවික විපත් යම් හෙයකින් මෙයට හේතු වෙන්න පුලුවන්.

දැන් බෞද්ධ විශ්වාසයන්ට අනුව මේ ලෝකේ ඉන්න මිනිස්සුන්ගෙන් යහපත් වගේම අයහපත් මිනිස්සු අතරින් අයහපත් මිනිසුන් ලොවෙන් ඉවත් කරන ස්වාභාවික සංසිද්දියක් වෙන්නත් පුලුවන්....


මොකද අපිට මේ දවස් වල විවිධ අයුරින් සිද්ද වෙච්ච සිද්දි දාමයක් නිසා මරණ බොහෝ සංඛ්‍යාවක් අහන්න ලැබුණා.. ඒ හින්දා මගේ අදහස නම් මේකෙදි සිද්ද වෙන්නේ ලෝක විනාසයක් නෙමෙයි මිනිසුන්ගේ වෙනසක් හා ඔවුන්ගේ ජීවන රටාවේ වෙනසක් බවයි.....

හැමෝටම බුදුසරණයි !!!!

මාළුන්ට කැම ටිකකුත් දාලම යන්න ඈ :D 


ප. ලි.

මේ දවස් වල ඉර පායන්නෙත් නැගෙනහිරින් නෙමෙයිලු.... ඊසානෙන්ලු. හප්පද බොල ඉර කෝමද බොලව් ගානට මිම්මට නැගෙනහිරින්ම පායන්නේ. වෙනදත් ඔය විදිහටම පායපු ඉරේ දිශාව ගැන මිනිස්සු මෙච්චර හිතන්න ගත්තේ මේ දැන්නේ..... :P


මේවා ඉතින් කාට කියන්නද ???

Sunday, December 16, 2012

කොලම්බු නයිට් රේස් ගැන ඇහෙන කතා...

ඊයේ රෑ තමයි මචං රෑ.....
 
උදේ පාන්දර ලැපෙන් වැඩ අල්ලලා හිටිය මම නිකන් අඤ්ඤ්කොරොස් උනා...

ඇයි බන් මොකෝ උනේ ??? 


ඇයි බන් බැලුවේ නැද්ද ???


මොකක්ද බන්... අළුත් එකක්ද ??? (මට හිතුනෙම දෙයියෝ මගේ මුන බලලා උදේ පාන්දරම මගේ ෆ්‍රෙන්ඩා අතේ අළුත් තුනක් එවලා ඇති කියලා)


මොන අළුත්ද බන් ඇයි ගිය අවුරුද්දෙත් තිබ්බේ...

මොකක්ද බන් ?? මට තාමත් මු කියන මගුල මීටර් වෙන්නේම නැ... මගේ මීටරේ අවුල් ගහලා තියෙන්නේ මොකෝ ඊයේ දවසෙම පන්තිනේ...

ඇයි බොල නයිට් රේස්.. උඹ බැලුවේ නැද්ද හරකෝ... ???

අනේ හරකලු.... ඒ අහිංසක සතාටවත් පාඩුවේ ඉන්න දෙන්නේ නැනේ මූ..


මොන නයිට් රේස්ද බන් එද්දි මහ රැ... ආපු ගමන් ජබොක් ගාල ඇදට පැන්නා දොයියා ගත්තා...

යාලුවා කිව්ව විදිහටනම් මහ උජාරුවට ඕක තිබිල තියෙන්නේ..... ඒත් ඉතින් බලපල්ලකෝ ඕක තිබ්බයි කියලා මහජනතාවට මොකක්වත් සෙතක් උනාද ???

මගේ නම් අදහස නැ කියලා තමයි....



                     ඒත් සමහරු මට විරුද්ද වෙයි. යකෝ පට්ට රේස් එකක්නේ පට්ට කාර් ටිකක්නේ තිබ්බේ.. කවදා බලන්න හම්බුවෙන ඒවාද බැලුවේ... අනම් මනම් කියයි.


හරී යකෝ දැන් ගියයි කියලා මොනවද උඹලා බැලුවේ...



 
 
  • මොඩිෆයි කරපු කාර්
  • බයික්
  • කොටට ඇදපු ගැනුයි උන්ගේ ගලුයි 
 
 
 ඔච්චරයිනේ බන් දැක්කේ....

ඔය ටික බලන්න තමයි ඊයේ රෑ අපේ මිනිස්සු මෙච්චර දැගලුවේ...

හරි නැද්ද මන් කියන්නේ....

දැන් බලාපියව් ඔය ටිකට් එකක ගාන කියද ????


රු 5000/-, රු 3500/-, රු 2500/-, රු 1500/-, රු 500/-, රු 50/-

        මේක ඉතින් ආසියාවේ ආස්සර්යේ නොවැ... ඕකත් මොන කජු කන ගානක්ද අපේ ආස්සර්යේ ඉන්න මිනිස්සුන්ට.. (දිව දොට්ට)

මම මේ ඒක ගැන නෙමෙයි කතා කරන්නේ.... හා දැන් බලපන්කෝ කවුද ඕක සංවිධානය කලේ... 

       නිල් බලකාය... ටෙලිවිසොන් චැනල් එකත් නිල් ක්‍රීඩා නාලිකාව... දැන් හිතපල්ලා ඕකේ සුද්ධ ලාභය කාටද යන්නේ රජ තුමාටනේ බොල...

කොහෙන් ගියත් කොම්පැනියටනේ අයිසේ වාසී....


දැන් බලන්න රේසිං කාර් බද්ද අඩු කලා හැබැයි නිකන් කාර් බද්ද වැඩි උනා.. බඩට ගැහුවේ කාගෙද ????

වෙන කාගෙද....  දන්නවනේ කාගෙද කියලා

යකෝ ඉස්සර ලක්ස 5ක් වගේ වෙච්ච මරුටිය දැන් ලක්ස 12+.... ඇඩෙනවනේ ඕයි...  

 



           හරී දැන් බලාපල්ලා මොකෝ ඔය රේස් කාර් බද්ද අඩු උනේ.... රාජ කුමාරයා කාර් පදිනවා ඒකනේ බන් ඒවා අඩු කලේ...

            අඩු කරපු ඉක්මනටම ආවනේ ලැම්බෝගිනි මර්ස්ලාගෝ එකක්.... කාගේද ඒක ???
වෙන කාගේද ගැමුණු ආචාර්ය තුමාගේ මිසක්...

රාජ කුමරයට කාර් පදින්න ඔන්න රේස් එකක් හැදුවා... කාර් අඩුවට ගෙන්නන්න බද්දා අඩු කලා. අපිට ආදරේට කරපුව නෙමෙයි නේ.....

               කෝමින් කෝම හරී ඊයේ රෙස් එක පටන් ගන්න කලින් ඔය තුමාලට ආරංචි උනානේ පෙට්‍රෝල් රු 10ක් ආයි වැඩි උනා කියලා... 



            කුමාරයා රේස් යනවා... මෙහෙ මිනිස්සුන්ගේ බඩට වැදෙනවා....  ඇයි හත් දෙයියනේ කොළඹ පාරවල් වහලා එහෙන් මිනිස්සුන්ට ගෙදර එන්න බැ... උන්ම හදපු කොළඹට උන්ම වැලිකොට්ට ගෙනත් දාලා ආයි විනාස කරනවා. ධනපති පන්තිය කියාගත් පිරිසට හැරෙන්න මේ රටේ මධ්‍යම පාන්තිකයෙක්ටවත් අහින්සක දුප්පත් ජනතාවටවත් මේකෙන් වෙච්ච වාසියක් නැත.

ධනපතීන්ටත් වෙච්ච වාසියක් නැත. බීලා වැනි වැනි ඉදලා කාර් ටිකක් බලලා ආවා. 


මේ බුකියේ මේක ගැන ලියලා තිබ්බ ආටිකල් එකක කොටසක්...

මුං සල්ලි දියකරන්නෙ සබං වාගෙ. පාරවල් හිතූ මනාපෙ වහගෙන. මිනිස්‌සු නන්නත්තාරයි. ඔය එක වැලිකොට්‌ටෙකට ට්‍රාන්ස්‌පෝට්‌ එක්‌ක රුපියල් හාරසීයක්‌වත් වැටෙනවා ඇති. වැලි කොට්‌ටම කීයක්‌ ද?. නාට්‌ටාමි වැඩ කරන්න ගිහින් ආමි එකත් නෝන්ඩි වෙනවා. මේ සල්ලි වලින් කොළඹම ජීවත්වෙන අසරණ මිනිස්‌සු කී දෙනෙක්‌ ජීවත් කරන්න පුළුවන්ද? මුං නයිට්‌ රේස්‌ තියනවා. කොළඹවටේ ලැම්බොගිනි කැරකෙව්වාම හතරමහා නිධානෙ පහළවෙනවා කියලයි හිතන්නෙ..

මෙහෙම ජෝගි නටලා අපිව අනාථ වෙච්චි කාලයක්‌ තිබුණෙ නෑ. මොනවද මේ කරන්නෙ. ක්‍රිකට්‌ ගහන්න ග්‍රවුන්ඩ් තියනවා. මග දිගට ක්‍රිකට්‌ ගහන්නෙ නෑනෙ. පාරවල් වහලා පාරවල් වල ක්‍රිකට්‌ ගැහුවොත් මොකද වෙන්නෙ?. රේස්‌ යන්න ඕනනම් ඒකටත් රුපියල් කෝටි ගණන් වියදම් කරලා කටුකුරුන්ද ගම්පොල වගේ තැන්වල ට්‍රැක්‌ හදලා තියනවා. මුං මොනවද මේ පාරවල් වහගෙන නටන ජෝගි... මහත්තය පුළුවන්නම් රෙකෝඩර් එකක්‌ ගෙනත් දෙන්න. මිනිස්‌සු කියන කතා අපි රෙකෝඩ් කරලා ගෙනත් දෙන්නම්. ඒවා ඇහුවනම් ලොක්‌කො රෙදි ඇඳගෙන පාරට බහින්නෙ නෑ.


මේකට ගොඩක් මිනිස්සුන්ගේ හද පත්ලෙන්ම බැනලා තියෙනවා මිසක් කියපු හොදක් නම් නැ..

මුළු ආට්කල් එකම බලාගන්නකෝ  ආයි කියන්න ඔනේ ඒවා ඇඩෙන්න කියල තියෙනවා... !!!!

              මගේ පිය තුමා වැඩ කරන්නෙත් ඔය රෙස් එක පටන් ගන්න තැන තියෙන හෝටලේම තමයි. එයාගෙත්, එයාට අනුව ඒ හෝටලේ ගොඩක් සේවකයන්ගෙත් මේක ගැන හොද ආකල්පයක් නම් නෙමෙයි තියෙන්නේ... ඒ ඇයි කියලනම් දන්නේ නැ.. තියෙන එකම ප්‍රතිලාභේ හොටලේට බිස්නස් ටිකක් වැඩි වෙන එක විතරලු... අනිත් ප්‍රතිලාභ ඔක්කෝම  කොම්පැනියටනේ.. !!!



අනේ මන්දා ලංකාව ආසියවේ ආස්සර්යෙලු.. ගියවෙන් ගියේ නැ මේම රේස් එකක් නම්
අදට ඇති.... කට්ටියටම බුදුසරණයි.. !!!




ප.ලි.

බය වැඩි වෙලා සන්තෝසෙට ඇඩෙනවා....



සුදු වෑන් එකක්ද කොහෙද මේ පැත්තට එනවා !!!

 

 



Friday, December 14, 2012

දෙසැම්බර් 21 දා මෙහෙම වේවීද ???

ලෝකේ විනාස වෙනවලු....


කට්ටිය කයි බොයි හැමෝම කඩි මුඩියේ අවසන් මොහොතට ලැස්ති වෙනවා...

සමහරක් උන් පන දාගෙන ගාථා කියනවා යාඥා කරනවා ඒ කෝම හරි මේකෙන් බේරෙන්න

හැමෝගෙම මූනවල් වල ත්‍රාසය භීතිය කුතුහලය සහ තව තව දේවල්...
_________________________________

21 උදේ...


                               හැම ටිවී නාලිකවකම ලෝක විනාසෙට තියෙන වෙලාව ඇගිලෙන් ඇගිල්ල ගණන් කරනවා.. මුන්ටත් වෙන වැඩ නැතුවට ලස්සන පිල්ම් ටිකක් දැම්මනම් මුකුත් වෙනවද... පාරට බැස්සත් මහා මූසල පාටයි ඒත් එච්චරම අවුලකුත් නෑ.. වෙනදා හැංගි හැංගි බලපුවා මෙන්න යකෝ අද එලිපිට..

                      සීයලා ආච්චිලා බණෙන් භාවනාවෙන් ඉතිරි වෙලා තියෙන කාල ගත කරනවා. මිනිහෙක් ඔන්න ජාතකේ මතක් කරනවා... සීන් එක මොකෝ කියල ඇහැ දාල බැලුවම මිනිහගේ බීම ජාතිය ඉවර වෙලාලු... ලොල් සීන් එක ඈ.. අපි ඉතින් ඔය සැර බීම ජාති බොන්නේ නැනේ... කිරිත් එක්ක සමහන් එකක් බොනවා මිසක්. පන්සලක් පල්ලියක් කෝවිලක් ගාවින් කන තියාගෙන යන්න බැරි තරම් සද්දෙට ආශිර්වාද දෝ මොකක්ද ඒවා මහ සද්දෙට දාලා...


චූටි එවුන්ට නම් ගානක්වත් නැ.. උන් ඈස් උසුවල් ක්‍රිකට් අතක් ගහගෙන ජීවත් වෙනවා...

                 අප්පට සිරි බාර් එකේ පෝළිම කිව්වලු.. මලාකට මෙහෙම පෝළිමක් අවුරුද්දට වත් දැකලා නැ... ගොඩාක් මිනිස්සු තමන්ගේ සේසතම දීල උනත් මේවා ගන්නවා මොකෝ එතකොට නිකන් දැනෙන්නේ නැලුනේ... ඒ පෝළිම අස්සෙත් පොඩි කචල් එකක්. එකෙක් පෝළිම පැනලාද කොහෙද... ඕම වලි ගිහින් තමයි අන්තිමට මරගෙන මැරෙන්නේ



                 ඒ අස්සේ තව සමහරක් දාන මාන දෙනවා. ඊලග ආත්මේ දෙයිය ලෝකේ යන්න වෙන්න ඇති... වෙනදට හිගන්නෙක් කීයක් හරි ඉල්ලන් අවාම පන්නලා දාන උන් බොරුවට නිදාගෙන ඉන්න උන් අද හිගන්නෝ හොය හොය කැම බීම ඒ විතරක්ද සල්ලිත් දෙනවා

හිගන්නෙක් උනානම් අනේ වාසනවන්... :D

_________________________________

ෂු... !!!!  

                          යන්න එපැයි ගෝල්ෆේස් පැත්තේ.. දිවිය ලොකේ වගේ .. කන්න නම් කන්න බොන්න නම් බොන්න... පාටි පාටි පාටි හැමතැනම රෑ එලිවෙනකන් පාටි..

කොල්ලො කෙල්ලෝ ඔහේ නටනවා..
නටන ගමන් අතගානව. චී චිකේයියා.. !!!!  :3

                              ගියා පොඩ්ඩක් බීච් එක පැත්තට. ලොකූ ස්ක්‍රීන් ගහලා ලෝක විනාසෙට තියෙන වෙලාව ලොකු ඉලක්කමෙන් පෙන්නනවා. කපල් වැටිච්ච වැටිච්ච තැන්වල... ඔහේ තමන්ගේ ලෝකවල. වෙනදා බොක්ස් එකේ රූම් ගානේ ගිහින් කොරපු එව්වා අද එලි පිට කිසි ගානක් නැතුව..

ලොකු ඉලක්කමෙන් ලෝක විනාසයට තව විනාඩි 50යි...

                      කපල් තව තවත් ඉක්මනින් තමන්ගේ අවසන් එක්වීමේ සුවය විදින අතර බොන උන් කට් වෙන්නම බීලා කානු අස්සේ වැටි ඉන්නේ පාන් කියාගන්න බැරිවය.

                               ඔය අතරේ එක වාසනාවන්ත පවුලක් මෙය සියැසින් අභ්‍යවකාශයේ ඉදන් නැරඹීමට සුදානම් වෙනවලු. සහෝදර සමාගමේ අධිපති ඇතුලු සහෝදරයනුත් රාජ කුමාරවරුත් රාජ කුමාරයාගේ රොකට් එකේ නැග මෙහෙන් පිටත්වන්නට සියළු කටයුතු සුදානම් කර හමාරය.

ලෝක විනාසයට තව විනාඩි 20යි...

                                රජ පවුල මෙලොව හැරදා අභ්‍යවකාශයට ගියෙ අවසන් ජවනිකාව දැකගැනිමටය. නමුත් විශ්වාස කටයුතු මාර්ග වලින් එන ඔත්තු වලට අනුව උන් ආයි මෙහෙ පදිංචියට ඇවිත් රජකම් කරන්නලු ලැස්තිය... අනේ අම්මපා මුනුත්...

                        ඒත් විද්‍යාඥයන්ගේ අයිඩියා එක තමයි මේක ආයි රජ කම් කරන්න තියා ආසවට බලන්නවත් ඉතුරු වෙන්නේ නැති බවයි...

ලෝක විනාසයට තව විනාඩි 10යි.....

බොන උන් බීලා කානු අස්සේ බඩගායි.
කෙල්ලෝ කොල්ලො තව තවත් උනන්දුවෙන් එකතු වෙයි. දන්න උන් දන්නේ නැති උන් ජාති භේද ආගම් භේද මුකුත් නැතිව වැටිච්ච වැටිච්ච තැන්වල උන් වැටිලා. ඔක්කොම කඩාගෙනය.


කට්ටිය කයි බොයි හැමෝම කඩි මුඩියේ අවසන් මොහොතට ලැස්ති වෙනවා...

සමහරක් උන් පන දාගෙන ගාථා කියනවා යාඥා කරනවා ඒ කෝම හරි මේකෙන් බේරෙන්න

හැමෝගෙම මූනවල් වල ත්‍රාසය භීතිය කුතුහලය සහ තව තව දේවල්...


ලෝක විනාසයට තව විනඩි 1.....





තත්පර 50... 30... 20... 15... 10... 9... 8... 7... 6... 5... 4... 3... 2... 1...


වීශාල තිරයේ දැක්වුනා.. ඔක්කොම බොද වෙනවා හඩවල් දෝංකාර දෙනවා වගේ දැනුනා...



_________________________________





ඇත්තටම මේක වෙයිද දන්නේ නම් නැ.... මේක මනඃකල්පිතව මම ගොතපු එකක්... උනොත් මේම වේයිද මන්දා... 

ඒම උනොත් නම් පංකාදු පහයි ඈ... මොකො අදහසත් හොදයි අකුරුත් ගැලපෙනවා වචනත් ගැලපෙනවා...





ප.ලි.

මේ ලිව්ව දේවල් ඔක්කොම මේම වෙලා ඔය ලෝක විනාසේ උනේ නැත්තම් කෝමට හිටීවිද... හිච්චි කොලුවටත් හිතෙන දේවල්.. මට මැවිලා පේනවා අප්පා...  :D




  • බීපු උන් ඊලග දවසෙ කානු අස්සෙන් නැගිටල බලයි මොකො යකෝ මේ කියලා..


  • අර වැටිච්ච වැටිච්ච තැන් වල හිටපු උන්දැලට නම් ලැජ්ජාව මතක් වෙයි කියලා හිතනවා... එතකොට ඉතින් පොළවේ වලක් හාරං තමයි පනින්න වෙන්නේ..



ඔය අතරේ තව සුවිශේෂි දේවල් කිපයකුත් වෙන්න පුලුවන්.... :p



ඔක්කොම කැඩිලා ඇත්තෝ නැති වෙන්න පුලුවන්...
කෝම හරි 2013 ඔක්තෝම්බර් වාර්තාගත විදිහට දරු උපත් සිද්ධ වෙන්නත් පුලුවන්




ඔව්වා මං දන්නේ නැ... මම යනවා...

ටටා බායි.... හැමෝටම සුභ දවසක් ඈ...


මල් නම් නම් ගල් නම් ගල් ගහලා  මාළුන්ටත් කැම ටිකක් දාලම යන්නකෝ..


කට්ටියට මරු සින්දුවක් මේකත් අහල බලන්නකෝ... ඕක තමයි වුනොත් එදාට වෙන්නේ.... :P

http://www.youtube.com/watch?v=DJkyk0xl1uE 

Thursday, December 13, 2012

නිවාඩු කාලේ

චික් චික් චික්....

                   කාලකණ්නි හුනෙක්ගේ සද්දේ මගේ සැප මෙට්ටේ සැප කොට්ටේ ඉදලා සැපට බල බල ඉදපු ලස්සන හීනෙත් කාල මාව ඇහරුවා

රූන්න්න්න්න්න්.....

                           අම්මට හුඩු මොකෙක්ද යකෝ ඒ කන ගාවින් ගියේ.... ප්ලේන් එකක් සයිස් පත මදුරුවෙක්... යකෝ රෑ එළි වෙනකම්ම මම මූට ලේ බිංදු බිංදු විදිහට බිංදු ගොඩක් දන් දීල නේ.... හිච්චි කොලුවා පින් අතේ වැඩ එහෙමත් කරනවා ඈ...

                 හරී ඇදෙන් එලියට ජම්ප් එකක් දාල ලැපත් ඔන් කරලා කාමරෙන් එලියට බැස්සේ නිදි ගැට පහක් හයක් කඩාගෙන. උදේ පාන්දරම කිරිත් එක්ක සමහන් පාරක් දාලා බුකිය පැත්තේ රවුමක් දැම්මා... ඒකත් හරි...
_________________________________________

 "පුතා පුතා....... "

         අයියෝ ඒ පාර කවුද.. ???  හිච්චිගේ පියා තුමා තමා කතා කරන්නේ... ගිහින් බලමුකෝ මොකො අවුල කියලා..

               ලෝක අවුලක්... මගේ සුන්දර විසිතුරු පල් ගද මාලු ටැංකියේ පැච් එකක්ලූ.....පැච් එන්නේ බයික් වල නේහ්... ඇත්ත වශයෙන්ම සුලු ලීක් එකක්...  මැදැයි කරා.. දැන් උදේ පාන්දරම මේසන් බාස් වැඩේ කරන්න වෙන්වානේ

ඔන්න ඉතින් හිච්චි ගියා මව් තුමිය හම්බුවෙන්න.

"අම්මේ සිමෙන්ති ටිකක් දෙන්නකෝ...."

"මං ගාව කොහෙන්ද සිමෙන්ති. හිතුවද මම හාඩ්වෙයාර් එකක වැඩ කරන්නේ කියල..."

අප්පද බොල නයි කයිද රෝස් පාන් කිව්වලු.. ඒකත් ඇත්තනේ

             හරී දැන් මේ හදිස්සියේ මහා පාන්දර කොහෙන්ද සිමෙන්ති... ඔන්න ඔය වෙලාවේ තමා අපේ තාත්තට ටිකිරි මොලේ මහල උනේ...

"පුතා අර ගබඩා කාමරේ උඩ සිමෙන්ති වගයක් තිබ්බා නේද ඉතුරු වෙලා.."

              ඔව් නේ.... හරී... එහෙනම් හිච්චි කොලුවා මේසන් බාස් වැඩෙත් කලා ඕන්.. ගත්තා පොල් කට්ටක් දැම්මා සිමෙන්ති දැම්මා වතුර හැදුවා කොලොප්පු ද මොනවද කියලා ජාතියක්....

      කොලුවා ගත්තා මේසන් හැන්ද ගැහුවා වතුර  පාරක් ප්ලේස් එකට ෂේප් එකේ ලතාවට ලස්සනට කොලොප්පු ටික ගාල ඉවරයක් කලා..

_______________________________________

         මූන කට හෝදලා කාලා බීලා ජැන්ඩි පහට හයට වගේ ඇදලා බැස්සා කොලුවා එලියට හුටාර් එකත් අරගෙන.

"දැන් නිවාඩු කාලේ හින්දා නැ ඉස්කෝලේ... ආයි ආයි ආපි ඔන්න සෙල්ලම් කාලේ..."

                     හිච්චි කොලුවා හිච්චිම කොලුවා කාලේ කිව්ව සංගීත කෑල්ලකුත් කියාගෙන එලියට බැස්සේ හිච්චිගේ හොදම යාලුවාගේ ගෙදර යන්න. නිවාඩු දවසේ උදේ පාන්දරම යාළුවත් හිච්චිත් යකඩ කන්න තීරණය කලා... යකඩ කන වැඩේට අතගහපු හිච්චිත් යාළුවත් වැඩේ කොන්ටිනියු කලා.... එහෙනම් ඒ වැඩ ටික කරලා කස්ටියව හම්බුවෙන්න ආයි එන්නම් හොදේ...

ටටා බායි !!!


ප.ලි. 

යකඩ කනවා කියල කිව්වේ මෙන්න මේක ඈ... (දැන් ඉතින් මඩ ගහනවා එහෙම නෙමෙයි) 


 

හිච්චි කිව්වට කොලුවා හිච්චි නෑ ඕං....  :D

Wednesday, December 12, 2012

අද දවසේ විශේෂත්වය

                     12. 12. 12.  ඒ අද දවස.. හැමෝම මේක ගැන පට්ට උනන්දුවකින් කතා කරනව. 

ඇයි මෙච්චර කට්ටිය මේ දවස ගැන උනන්දු.. ????

හැමෝම කියන විදිහට මේ දවස එනම් 12. 12. 12. දිනය  ආයි අපි ජීවත්ව ඉන්න කාලෙයේ අපිට මුණ ගැහෙන්නේ නැ. ඉතින් ගොඩක් අය මේක ගැන එක එක විදිහට කතා කලා...

             සමහර අය කියනවා මේ මුණ ගැහෙන අවසාන 12. 12. 12. නිසා මේ වර්ශයේ ලෝක විනාශයක් සිද්ධ වෙන්වා කියලත්. අනේ මම නම් ඔව්වා දන්නේ නැ.... කෝමින් කෝම හරී මේ දවස අපිට ඒ කියන්නේ මේ කැරකෙන ලෝකේ තියෙන ශ්‍රී ලංකාව කියන පුංචී දුපතේ මිනිස්සුන්ට මේක ගොඩක් වැදගත් දිනයක්. 

   මෙතනදි මේක ගොඩක් වැදගත් වෙන්නේ බෞද්ධයොන්ට. හිතන්න බලන්න මොකක්ද මේ වැදගත් කම...


+
+
+
+
+
+
+
+
+
+

+
+
+
+
+
+
+
+
+
+

+
+
+
+
+
+
+
+
+
+

කට්ටියට මතකද දන්නේ නැ 2003.12.12 දවස.

                       ඔව් කට්ටියකට මතකත් ඇති මතක නැතුවත් ඇති. අද තමයි ඒ උත්තමයන් මේ ලොව අතහැරල ගිහින් අවුරුදු 9ක් වෙන්නේ... මීට අවුරුදු 9 කට පෙර 2003. 12. 12.දින තමයි අති ගෞරවණීය ගංගොඩවිල සෝම හිමි හෙවත් අපි කවුරුත් දන්න කියන සෝම හාමුදුරුවෝ අපවත් උනේ.


                             ඇත්තටම අපවත් උනාද අපවත් කරාද... කොහොමින් කොහොම හරි ඒ කාලේ ඉදන්ම මිත්‍යාමතධාරී පුද්ගලයන් ලංකාවේ බලය අල්ලාගන්න බෞද්ධාගම මේ ලංකාවෙන් අතුගා දමන්න ගොඩක් උත්සහ ගත්තා....  

                              දැන් මේ දවස්වල අපිට බෞද්ධ ප්‍රබෝධයක් ඇති වී ගෙන ගියත් මේ අනතුර පිළිබද කාලාන්තරයකට පෙර මේ සෝම හිමියන් වටහා ගත්තා පමණක් නෙමෙයි එයට විරුද්ධව නැගී සිටිමට බෞද්ධයන්ගේ දෑස විවෘත කරන්න උත්සහ ගත්තා. ඒ ගැන තේරුම් ගත් මිත්‍යාමතධාරී උන්වහන්සේව අපවත් කෙරෙව් බවයි මගේ මතය....

උපුටා ගැනීම Sorry.com


කොහොමින් කොහොම හරි හාමුදුරුවෝ අප‍ට අහිමි වෙලා දැන් අවු 9 වෙනවා. දැන් ඒක වෙලා ඉවරයි. අපේ හාමුදුරුවෝ ආයේ එන්නේ නෑ. අපිට වුන දේවලට අපි කාටවත් වෛර කරන්නේ නැ. වෛර කරන්න එපා කියලයි හාමුදුරුවොත් කිවුවේ.

මට මේ ගැන ලියන්න හිතුනේ මේ දිනයේ ඇත්තම 

විශේෂත්වය ඔගොල්ලොන්ට සිහි කිරීමටයි....


අද ආයි එන්නේ නැති දවසක් මෙන්ම ආයි එන්නේ නැති ලෙස වටිනා

හිමි නමක් අපවත් වූ දවසක්ද වෙනවා.




12. 12. 12







ගැම්මෙන් පටන් ගැන්ම

හරි......

                          නමෝ විත්තියෙන් ආයි මේ ජීවිත කාලේට එන්නේ නැති දවසක හිච්චි කොලුවා හා හා පුරා කියල කුළුදුල් බ්ලොග් එක පටන් ගත්තා... කුළුදුල් කිව්වට මීට කලින් බ්ලොග් ලියලා අත්දැකීම් එහෙම තියෙනවා. ඒක ප්‍රධාන සුදුසුකමක් කරගෙන මගේම හෙවත් මගේ ඒකාධිපති පාලනය තියෙන කැරකෙන ලෝකය බ්ලොග් එක අද එනම් 2012.12.12 කියන විශේෂ දවසේ ඔන්න දැන් නිළ වශයෙන් පටන් ගත්තා.... 

              අද දවස ඇතුලතම අති විශේෂ පෝස්ට් එකකින් ඔයාලව හමුවෙන්න එන්නයි මගේ කල්පනාව.... තාම මම ඒක කොටන ගමන්... දෙනෝදාහකගේ (දෙනෝදහක් කිව්වේ අම්මා විතරයි... දාහකට හපන් එයා ආවම) බාධා මැද්දේ මේකට ලියනවා කියන්නේ මහා අභියෝගයක් මත් නෙමෙයි... 


                       කෝමින් කෝම හරී හිච්චි කොලුවට මේක කරගෙන යන්න ඔයලෙගේ අත හිත දෙයි කියල හිතනවා.... හරී එහෙනම් කට්ටියටම දැනට 
            
                 ටටා බායි...  :D

හැමෝටම බුදුසරණයි !!!!

පස්සේ මතක් උනේ....
කස්ටිය බලාගෙන හොදේ ලෝකේ කැරකෙනවා වැටුනොත් එහෙම පොළව ඇදයි කියලා එහෙම කියන්න එපා !!!!