Sunday, January 20, 2013

අහෝ ඛේදයකි !!!! ටර්ම් ටෙස්ට් ලකුණු .... :'(

අම්මෝ කාලෙකට පස්සේ මේකට ගොඩ වෙන්න උනේ....

මම දහස් වාරයක් සමාව ඉල්ලනවා මගේ හිතමිතුරන්ගෙන් ගොඩ කාලෙකට පොස්ටුවක් කොටපු නැති එකට....ඇත්තම කියනවනම් මේ දවස් වල හිච්චි කොලුවා හරිම බිසී නේ.... තනි ඇහැට කදුලු කැට උනන තරමට බැනුම් අහනවත් එක්ක. කොලුවා සාපේ ගිය අවුරුද්දේ ඉවර කරලා ඌපේ පටාන් ගත්තානේ.. කොහෙවත් අමාරුවකට මැත්ඩ් කරන්නත් ගත්තා.. හරියටම අවුරුද්දකට පස්සේ මේ ගිය මාසෙ අපිත් ලිව්වනේ වාර විභාගයක්..




සහයෝගිතාවෙන් ලියන්න හිතාගෙන ගියාට ඉන්න උන් දන්නෙත් නැ උත්තර. ඉතින් මොන සහයෝගිද. ගොඩක් උන්ගේ හිස් පේපර්... යන්තම් සන්තම් මම ලියාගත්තා.. ඒත් අම්බානෙකට නෑවා කියලා නම් මම දැනගත්තා. ඒ හින්දම ගෙදර ගිය ගමන් අම්මට කිව්ව පේපරේ කෙල කියලා..

ඒ වෙලේ නම් එච්චර සැර දැම්මේ නැ... ශේප් එකේ හිටියා... ඔන්න ඉතින් ඊට පස්සේ කොලුවා මේක පටන් අරන් දවසම කොම්පීතරේ ඔබ ඔබ හිටියන්නේ. ඉතින් අන්තිමට ඉස්කෝලෙත් පටන් ගත්තා. වටින් ගොඩින් ලැබෙන නිව්ස් වලින් ගොඩක් උන්ට කෙල වී ඇති බව කොලුවට තේරුනා.. බෝම සතුටින් හිටියේ අනිත් උන්ටත් කෙල වෙලානේ.. ඒනම් මට කෙල උනාට මොකෝ...

ඔන්න ඉතින් සර් කාරයා ආවා. කන දිගේ හීන් දාඩිය බේරෙනවා. ගත්තා පේපර් මිටිය එලියට... දුන්නා ලකුණු.. අඩේ මට කෙල වී ඇත.. අනිත් උන්ට ශේප්ය. කෙල උනා කිව් උන්ට අම්බානෙට ලකුණුය... මට නිකන් දැන් ඇඩෙන්න වගේය. මොනවා කරන්නද... මැත්ස් ඇදුම් පිටින්ම නා ඇත. කෙමිස්ට්‍රි ශේප්ය. පිසික්ස් නම් ලාවට නා ඇත.




ගෙදර ආවේ මරන්න ගෙනියන කුකුලා වගේය... ඇවිත් බෝම ලයාන්විත කටහඩින් ලකුණු කිවේය. අකුණු ගැහුවා වගේ බැනගෙන බැනගෙන ගියෙ අම්මා නම් නෙමෙයි. ලොල් ය. ඇඩෙනවාය... කෝම හරි ලැප ඩොන්ගලය රාජ සන්තක වී ඇත. කඩ්ඩ කොම්පිතර වල ලකුණු නම් ගොඩේ ගොඩය. පන්තියෙන්ම ඉහලින් රැන්ක් දමා ඇත. කොලුවට ඉහේ මලක් පිපුනා වගේය. ගෙදර ආපු ගමන් පොර වගේ ලකුනු කිව්ව. අම්මත් ශේප්ය..

දැන් ශේප් එකේ ඉදලා බෝම අමාරුවෙන් ලැපයි ඩොන්ගලයයි පන්නගත්තා. ඒ ගමන් මුලින්ම ඉතින් කලේ මේ පෝස්ටුව කොටපු එක. දැන් ඔක්කෝම හරි ඒත් දැනට... මොනවා කරන්නද.... මට තියෙන ලොකුම දුක මේක පටන් ගත්ත ගමන්ම පාලුවට අරින්න වුන එක ගැනයි. මොනවා උනත් ඉතින් අධ්‍යාපනයට මුල් තැන දෙන්න එපැයි.... පොස්ටු නැ කියලා කට්ටිය මාව අමතක කරනවා එහෙම නෙමෙයි.. පුලුවන් වෙච්ච හැම වෙලේකම මේ පැත්තේ ඇවිත් ලියනවා හරිය.



සෝක ජනකම සිද්දිය කිව්වේ නැනේ... 

ඇප්ප්ලයිඩ් සර් කියපු කතාව තමා වසරේ කතාව. ඒක අහපු මටනම් කදුලු ඇස් දෙක ගලවගෙන බිමට වැටුනා වගේ තමා...

එයා කියන්නේ මේ ලකුණු අඩු වෙච්ච එකට අපිට බැනලා වැඩක් නැලු. අම්මලගේලු වැරැද්ද. මොන මගුලක්ද ඒ කතාව. මම වැඩ නොකරපු එකට මගේ අහිංසක අම්ම පලිද. නැනේ. අන්තිමට ඌ කියනවා.. අම්මලා ඇයි මේ වගේ අමාරු විශයක් කරන්න කිව්වේලු.කරන්න කියලා ලමයින්ට පාඩම් කරන්න පරිසරයක් හදලා දීලා නැලු. කොම්පියුටර් ඉන්ටනෙට් ෆෝන් අරන් දීලාලු. කතාව ඇත්ත වගේලු.. එයා කියනවා අපිට පාඩම් කරන්න පරිසරේ එයා හදලා දෙනවලු...

 

ඒ කියන්නේ ලැප් නැතිවෙනවා ඩොන්ගලය නැති වෙනවා. ෆෝන් එක නැතිවෙනවා... අයියො දම්සාරි දුක තමයි රංජනී...


අපි පවු අප්පා....

ප. ලි.

මෙවන් දුකක් සතුරෙකුටවත් සිදු වෙන්න එපෝ....ඇඩෙනවා මචංලා මචීලා...


මේක නම් ඇත්තම සිද්දියක් ඈ... මට මගේ සමහර යාලුවන්ව මතක් වෙනවා.. මෙන්න මම වගේ ඩයල් එකකුත් ඉන්නේ.... ලයික් අ බොස් :D

  

Saturday, January 5, 2013

පාසල් ප්‍රේමය...

මිතුදමක අසිරිය පෝස්ටුව කට්ටිය අතරේ ගොඩක් හිට් වෙලා වගේම. ගොඩක් අය ඒකෙන් මාව අදුරගෙන මේකේ කැරකෙන්නත් ගත්තා. ඉතින් නිතර නිතර කැරකෙන අයට කියවන්න පෝස්ටුත් ඕනානේ. ඉතින් දහසක් වැඩ අතරේ මම පෝස්ටුවක් කොටන්න ගත්තා පොඩි බරපතල මාතෘකාවක් ගැන... සමහර අය ඒම කියයිද දන්නේ නැ තෝ හිච්චි එකා ඔව්වා ගැන මොනවද දන්නේ කියලා. ඒත් වැඩේ කියන්නේ මමත් යමක් කමක් දන්න එකනේ..

බොරු වැල් බයිලා ඔනේ නැනේ... මම මේ දවස් ටිකේම බ්ලොග් වල දැක්කා නිකන්  ආදරේ සම්බන්ධ පෝස්ටු කොටලා තියෙනවා... මටත් ඉතින් හිතුනා මේ ආදරය ගැන මම දන්න මට හිතෙන දේ අමුවෙන්ම ලියලා දාන්න...ආදරය කිව්වත් ඕකේ පටන් ගැන්ම. ඒ කිව්වේ පාසල් කාලේ ලව් එක ගැන තමයි ලියන්න හිතුනේ...

ආදරය.. ම්ම්ම්ම්... ආදරය කියන්න දෙන්නෙක් අතර ඒ කිව්වේ කොල්ලෙකුයි කෙල්ලෙක් අතරයි ඇතිවෙන යම් බැදීමක්. ඒක නිකන්ම බැදිමක් නෙමෙයි. ඒක විශ්වාසවන්තභාවය හා තවත් දේවල් එක්ක බැදිලා තියෙනවා.

                  අර කොල්ලොයි කෙල්ලොයි උන්ගේ ටීන් ඒජ් එකට ආවම ඔය විදිහට විරුද්ධ ලිංගිකයන්ට ඇති වෙනවා ආකර්ශණයක්. ඒක නම් ආදරයම කියන්න බැ වගේ. නමුත් වයසෙන් මෝරද්දි අත්දැකීම් සමග තමුන්ගේ ගති ගුණ වලට ගැලපෙන තමුන්ගේ පවුල් පසුබිමට ගැලපෙන ආදරයක් හොයාගන්න ගොඩක් අය උත්සහ කරනවා.

              ගොඩක් අය තමන්ගේ පළමු ආදර අත්දැකීම ලබන්නේ තමන්ගේ පාසල් කාලයේ... ඒ ආදරය විදපු අය දන්නවා ඇති ඒකේ තියෙන ආතල් එක. එකෙත් එකත් අතකට අමුතුම ආතල් එකක් තියෙනවානේ...... ඒක ඉතින් විදලම බලන්න ඔනේ. ඒත් වෙන්නේ ඒක නම් නෙමෙයි. ගොඩක් පාසල් ප්‍රේම වල ආදරයකට වඩා තියෙන්නේ ඔවුනොවුන්ගේ කුතුහලයට පාදක වෙච්ච කරුණු වල ගැට ලිහා ගැනීමක් වගේ සීන් එකක් තමයි...

මාත් ඉතින් තාම පාසල් යන හිච්චි එකානේ. හිකිස් !!! 

                    පාසල් ආදරය ගැන කිව්වොත් ඔය ක්ලාස් වල තමයි ඔය විදිහට ඔව්වා පටන් ගන්නේ. කොල්ලෙක් තමන්ගේ හිත ගිය කෙල්ලගෙන් අහනවා. කැමතිනම් කෙල්ල හා කියනවා ඊලගට වැඩේ පටන් ගන්නවා. අඩේ අවාසනාවකට හරි කෙල්ල බැ කිව්වොත්... ඉතින් කොල්ලා තමන්ගේ ෆුල් ඩම් එක දාලා ට්‍රයි කරනවා. බැරිම උනොත් ඉතින් මරන්නද එයාව යාලුවෙක් විදිහට තියාගෙන වෙන එක්කෙනෙක් හොයාගන්නවා...

    " ඒ වගේම ඔය පාසල් ප්‍රේමේ තියෙන අනිත් ආතල් එක තමයි ගෙවල් වලට හොරෙන් කට්ටි පැන පැන බස් හෝල්ට් ගානේ රස්තියාදු වෙවී රෙස්ටුරන්ට් වල බස් වල පෙම් මුල් වල අම්මලාට තාත්තලාට විශේෂයෙන් ඔය අයියලා අක්කලට මාට්ටු නොවෙන්න කෙල්ල එක්ක හරි කොල්ලා එක්ක හරි රවුමක් දාන එක. හැබැටි අහු උන දාට මොනවා වෙයිද කියලා දෙයියෝ තමා දන්නේ..."



ඒත් මට නම් තාම එහෙම අත්දැකීම් නැ... තාම චුටියා නේ. කටේ කිරි සුවදත් තාම තියෙනවා.... හික් හික්..

ඊලගට තව සොදුරු රොමැන්ටික් එව්වා වෙනවනේ මේ කාලේ,,,..


දැන් ගත්තම අපේ යාලුවෝ එහෙම ඉතින් ඔය සබ්ජෙක්ට් එකේ එහෙම ඉන්නවනේ... ඕන් කිව්වා මම නම් ඔව්වට නැ.. කෙල්ලෙක් තියා ගෑනු පරානයක් දිහා ඇහැක් ඇරලා බලන්නේ නැ.. ඇස් දෙකම ඇරලා තමයි බලන්නේ....
දැන් මම මොකක්ද කිව්වේ.. ආ... දැන් අපේ යාලුවොත් ඉන්නවනේ ඉතින්.. හරීම සොදුරුයිලු ඕක... ක්ලාස් එන්න තියෙන්නේ 2ට නම් 1ට තාම එයාලට ක්ලාස්. ඉතින් කලින්ම ඇවිත් ඔය පාර්ක් එකකට හරි මැක්ඩොනල්ස් කේ.එෆ්.සී වගේ එකකට හරි රින්ගනවා. අනේ පව් අසරණ කොල්ලා.. උගේ සැරටම දත ගැලවෙනවා...ඕම කරලා දෙන්නම වෙලාවට ක්ලාස් එකට එනවා....

මේකත් සොදුරු දෙයක්ලු... ඒත් මගේ අදහස නම් මේක එච්චරම සොදුරුත් නැ..

ඔය කාලේ තව එකක් තමයි ඔය ගොඩක් කපල් ෆිල්ම් හෝල් වල බොක්ස් අස්සට රිංගනවා තව කැබින් අස්සට... යන අයටනම් සොදුරුයි තමා.. ඒත් ඒකේ අතුරු ප්‍රතිඵල මෙන්ම තව තව දේවල් ඒ දෙන්නටම හානි ඇති කරන්න පුලුවන්... ගොඩක් කොල්ලෝ කෙල්ලොන්ගෙන් ඉල්ලන්නේ රෙද්ද උස්සන්න කියන එක තමයි ඔට දේට අකමැත්තෙන් හරි කෙල්ල කැමති වෙන්නේ නැත්තම් කොල්ලා තමන්ව දාල යයි කියන බයට.. අන්තිමට කෙල්ලට වෙන්නේ සමහර විට බඩක් උස්සගන්න, අන්තිමට හිටපු කොල්ලත් හොයාගන්න බැ.. කොච්චර සොදුරු උනත් තමන්ගේ ජීවිතේ ඉගෙන ගන්න කාලයේ තියෙන මේ වගේ සම්බන්ධකම් වල ලිමිට් එක තම තමුන් දැන ගෙන කටයුතු කරන්න ඔනේ කියලයි මගේ අදහස... 


ඒ පිලිබදව දැක්ක ලිපියක්...   
මේකත් ඒ ගැන තමයි... ඒකත් බලන්නකෝ....



අතීතයේ ඒ කිව්වේ මහ ලොකු අතීතයක් නෙමෙයි 90 ගනන්වල වගේ පාසල් ලව් එක කිව්වේ ලියුමක් ලියලා ඔවුන්ගේ අදහස් හුවමාරුවක් ඒ වගේම ඒ කාලේ අවංකව ආදරයත් කලා.. නමුත් දැන් එහි සොදුරු නැති පැත්තකුත් තීයෙනවා..


             දැන් ගොඩක් කොල්ලොන්ට කෙල්ලෝ 2ක් 3ක් වගේ ඉන්නවා. අනික දැන් ඉන්න ගොඩක් ගැල්ලමයිනුත් ගති ගුණ අවංකභාවයට වඩා සල්ලි සහ රූපය පස්සේ යනවා. ඉතින් ගොඩක් අය ඒ විදිහට ගිහින් අමාරුවේ වැටෙනවා.. ඒ වගේම සිංහලෙන්ම කිව්වොත් බූට් තියනවා කියන එක..  ඕක තමා ඊලග ලොකුම අවුල.. අඩේ දැන් ඕම එකක් උනාම ඉතින් කාලයක් යනකන් අඩ අඩ ඉදලා පස්සේ හරි යනවා,, ඒත් අන්තිමට ඒ නිසා කෙල්ලෝ හැම කොල්ලෙක්වම ඒ ගානට දානවා.. ඒ හින්දා ඉතින් ගොඩක් අහිංසක ඇයොන්ටත් කෙල්ලෝ නැති වෙනවා...

 එච්චර හොදට ලිය උනේනම් නැ...කලබලෙන් ලිව්වේ.. මේකේ මකුළු දැල් බැදෙන්න දෙන්නත් බැනේ.. මම ලිව්ව එකනම් සම්බාව්‍ය නැතුව ඇති. මම කිව්වේ හිතට ආපු දේ අමුවෙන්ම ලිව්වා... මම මේකෙන් ලියන්න බලපොරොත්තු උනේ සොදුරු පාසල් ප්‍රෙමයේ සොදුරු පැත්තත් සොදුරු නැති පැත්තත් දෙකම තමයි....

දැන් ඉතින් ඔය බලන ඔයාලත් ඕක විදලා ඇතිනේ... ඔය පොඩි හිනාවකුත් මූනට ආවේ.. හෙහ්හෙහ් බොරුව නොදා ලිපිය කෝමද කියලා ලියල.. පාසල් ප්‍රේමය ගැන ඔයාලගේ අත්දැකීමුත් ලියල ඒක ගැන හිතෙන දේවලුත්
ලියලම යන්නකෝ... !!!

එහෙනම් කට්ටියටම බුදු සරණයි !!!