අම්මෝ කාලෙකට පස්සේ මේකට ගොඩ වෙන්න උනේ....
මම දහස් වාරයක් සමාව ඉල්ලනවා මගේ හිතමිතුරන්ගෙන් ගොඩ කාලෙකට පොස්ටුවක් කොටපු නැති එකට....ඇත්තම කියනවනම් මේ දවස් වල හිච්චි කොලුවා හරිම බිසී නේ.... තනි ඇහැට කදුලු කැට උනන තරමට බැනුම් අහනවත් එක්ක. කොලුවා සාපේ ගිය අවුරුද්දේ ඉවර කරලා ඌපේ පටාන් ගත්තානේ.. කොහෙවත් අමාරුවකට මැත්ඩ් කරන්නත් ගත්තා.. හරියටම අවුරුද්දකට පස්සේ මේ ගිය මාසෙ අපිත් ලිව්වනේ වාර විභාගයක්..
සහයෝගිතාවෙන් ලියන්න හිතාගෙන ගියාට ඉන්න උන් දන්නෙත් නැ උත්තර. ඉතින් මොන සහයෝගිද. ගොඩක් උන්ගේ හිස් පේපර්... යන්තම් සන්තම් මම ලියාගත්තා.. ඒත් අම්බානෙකට නෑවා කියලා නම් මම දැනගත්තා. ඒ හින්දම ගෙදර ගිය ගමන් අම්මට කිව්ව පේපරේ කෙල කියලා..
ඒ වෙලේ නම් එච්චර සැර දැම්මේ නැ... ශේප් එකේ හිටියා... ඔන්න ඉතින් ඊට පස්සේ කොලුවා මේක පටන් අරන් දවසම කොම්පීතරේ ඔබ ඔබ හිටියන්නේ. ඉතින් අන්තිමට ඉස්කෝලෙත් පටන් ගත්තා. වටින් ගොඩින් ලැබෙන නිව්ස් වලින් ගොඩක් උන්ට කෙල වී ඇති බව කොලුවට තේරුනා.. බෝම සතුටින් හිටියේ අනිත් උන්ටත් කෙල වෙලානේ.. ඒනම් මට කෙල උනාට මොකෝ...
ඔන්න ඉතින් සර් කාරයා ආවා. කන දිගේ හීන් දාඩිය බේරෙනවා. ගත්තා පේපර් මිටිය එලියට... දුන්නා ලකුණු.. අඩේ මට කෙල වී ඇත.. අනිත් උන්ට ශේප්ය. කෙල උනා කිව් උන්ට අම්බානෙට ලකුණුය... මට නිකන් දැන් ඇඩෙන්න වගේය. මොනවා කරන්නද... මැත්ස් ඇදුම් පිටින්ම නා ඇත. කෙමිස්ට්‍රි ශේප්ය. පිසික්ස් නම් ලාවට නා ඇත.
ගෙදර ආවේ මරන්න ගෙනියන කුකුලා වගේය... ඇවිත් බෝම ලයාන්විත කටහඩින් ලකුණු කිවේය. අකුණු ගැහුවා වගේ බැනගෙන බැනගෙන ගියෙ අම්මා නම් නෙමෙයි. ලොල් ය. ඇඩෙනවාය... කෝම හරි ලැප ඩොන්ගලය රාජ සන්තක වී ඇත. කඩ්ඩ කොම්පිතර වල ලකුණු නම් ගොඩේ ගොඩය. පන්තියෙන්ම ඉහලින් රැන්ක් දමා ඇත. කොලුවට ඉහේ මලක් පිපුනා වගේය. ගෙදර ආපු ගමන් පොර වගේ ලකුනු කිව්ව. අම්මත් ශේප්ය..
දැන් ශේප් එකේ ඉදලා බෝම අමාරුවෙන් ලැපයි ඩොන්ගලයයි පන්නගත්තා. ඒ ගමන් මුලින්ම ඉතින් කලේ මේ පෝස්ටුව කොටපු එක. දැන් ඔක්කෝම හරි ඒත් දැනට... මොනවා කරන්නද.... මට තියෙන ලොකුම දුක මේක පටන් ගත්ත ගමන්ම පාලුවට අරින්න වුන එක ගැනයි. මොනවා උනත් ඉතින් අධ්‍යාපනයට මුල් තැන දෙන්න එපැයි.... පොස්ටු නැ කියලා කට්ටිය මාව අමතක කරනවා එහෙම නෙමෙයි.. පුලුවන් වෙච්ච හැම වෙලේකම මේ පැත්තේ ඇවිත් ලියනවා හරිය.
සෝක ජනකම සිද්දිය කිව්වේ නැනේ...
ඇප්ප්ලයිඩ් සර් කියපු කතාව තමා වසරේ කතාව. ඒක අහපු මටනම් කදුලු ඇස් දෙක ගලවගෙන බිමට වැටුනා වගේ තමා...
එයා කියන්නේ මේ ලකුණු අඩු වෙච්ච එකට අපිට බැනලා වැඩක් නැලු. අම්මලගේලු වැරැද්ද. මොන මගුලක්ද ඒ කතාව. මම වැඩ නොකරපු එකට මගේ අහිංසක අම්ම පලිද. නැනේ. අන්තිමට ඌ කියනවා.. අම්මලා ඇයි මේ වගේ අමාරු විශයක් කරන්න කිව්වේලු.කරන්න කියලා ලමයින්ට පාඩම් කරන්න පරිසරයක් හදලා දීලා නැලු. කොම්පියුටර් ඉන්ටනෙට් ෆෝන් අරන් දීලාලු. කතාව ඇත්ත වගේලු.. එයා කියනවා අපිට පාඩම් කරන්න පරිසරේ එයා හදලා දෙනවලු...
ඒ කියන්නේ ලැප් නැතිවෙනවා ඩොන්ගලය නැති වෙනවා. ෆෝන් එක නැතිවෙනවා... අයියො දම්සාරි දුක තමයි රංජනී...
අපි පවු අප්පා....
ප. ලි.
මෙවන් දුකක් සතුරෙකුටවත් සිදු වෙන්න එපෝ....ඇඩෙනවා මචංලා මචීලා...
මේක නම් ඇත්තම සිද්දියක් ඈ... මට මගේ සමහර යාලුවන්ව මතක් වෙනවා.. මෙන්න මම වගේ ඩයල් එකකුත් ඉන්නේ.... ලයික් අ බොස් :D
බොල මැත්ස් කොරාම ටර්ම් ඒවා බල්ලට දාපිය....
ReplyDeleteහොඳ හොඳ සෙල්ලම් එළි වෙන ජාමෙටලු....
හ්ම්ම්ම්ම්ම් හිතා ගන්න පුලුවන්
Deleteහික්ස්! කෝකටත් කියලා ගානක් දෙකකුත් හදපන් බං!
ReplyDeleteහදමි.... නැ බලෙන් හදවන්නාය :D
Deleteටර්ම් ටෙස්ට් ගනං ගත යුතු ඒවානං මං අද ඩොකෙකි...
ReplyDeleteඅතෑරලා දාලා පාස්ට් පේපර්ස් ටික කරහං...
හිකිස්.... ඔව් ඔව් වැඩ පටන් ගත්තා
DeleteA /L වසර 2-3 කාලය ජිවිතයේ තීරණාත්මක කාලයක්. ඒ නිසා සියලුම බාහිර වැඩ අතහැර පාඩම් කටයුතු වලට හිත යොදවන්න.
ReplyDeleteලොවෙත් දැනුයි තේරුනේ ලකුණු හම්බුනාම...
Deleteඑල වේවා කියන්න තමයි තියෙනෙන්
ReplyDeleteඑල තමයි
Deleteටර්ම් ටෙස්ට් ලකුණු ඒ තරම් ගණන් ගන්න එපා මල්ලියෝ.ඒවා තියෙන්නෙ ඔයාගෙ අඩු පාඩු ඔයාට අදුර ගන්නනෙ.දැන් ඉතින් මේ අදුර ගෙන තියෙන්නෙ කරන්න ඕනි විදිය.:).. වැදගත්ම තැන a/l නෙ... ඒක එක පාරින්ම හරියට ගොඩ දා ගන්න..ඊට පස්සෙ බිලොග් 1000ක් වුණත් කරන්න බැරියැ...තරියා කිව්වා වගේ පාස් පේපර් වලට බර දෙන්න..
ReplyDeleteලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබ ට පවුලේ සැමට වාසනාව ගෙනේවා.....
ReplyDeleteපැලැස්ස බ්ලොග් අඩවියෙන් සුබ පැතුම්
From little known facts and gift guides to stories of inspirational women and the latest fashion trends of Swimwear , our blog features fun posts on Jewelry fashion and lifestyle. Of course, if you’re a Hermes handbags lover, you’ll find that our blog also features tips for caring for your Brazilian Hair, exclusive offers and promotions, and information on new product releases.
ReplyDelete