Sunday, December 30, 2012

හිත ගිය තැන මාලිගාව

ගොඩ කාලෙකින් පෝස්ටුවක් දාන්නත් බැරි උනා. බ්ලොග පාලුවට ගිහිල්ල... මකුළු දැලුත් බැදලා ද කොහෙද....මේ දවස් වල හලී ප්‍රශ්නෙනේ ලියන්නවත් මුකුත් අයිඩියා එකක් එන්නෙත් නැ ඔලුවට. මෙහෙන් මේක වේලෙනවා.. දුකේ බැ.අනේ මන්දා මොනවා වෙනවද කියලා.. අර මායා කාරයෝ කිව්වා වගෙ අලුත් යුගයක් ආරම්භ වෙලාද මන්දා.... මුලු ලෝකේම කම්මැලි මොකක්ද එහෙකින් වහලා වගේ... පුදුම කම්මැලි කමක්නේ තියෙන්නේ.

කිසිම කික් එකක් නැ. ඉන්න ගමන් නිකන් පෙම් කවි පද සිතිවිලි මගේ සිතට පහල උනා. ලොල් ඈ... ඕන් ඉතින් ලිව්වා

පොත් සල්පිලක ඔබ මා හා ඇස ගැටුනා
අපගේ මිතුදමත් දින දින වැඩිම උනා
පන්තියේ බස් රථයේ නිතරම හමුම උනා
මගෙ සිත කෙමෙන් ඔබ රුව හට පෙම් බැන්දා..

ඇයිදෝ දෙවියනී මා මේ වරද කලේ
මගේ මිතුරියට මා මෙලෙසින් පෙම් බැන්දේ
මගෙ සිත කවදවත් මට නොම සම දෙන්නේ
මහට ඔබව අමතක බැ මෙය ලිව්වේ

කොන්ඩය කෙටිය මුහුනත් හොද පැහැපත්ය
ජොලියට බරය ගති පැවතුම් හොදම විය
උපතින් මුඛරි බව නම් ඇය හා සතුය
එහෙයින් මගෙ සිතත් නිතරම ඇය ලගය


ඉන්නට බැ හැම විට හිත ඇය ලගය
අමාරුවෙන් අදහස මා පැවසීය
ගත් කටටම ඇය මට අනේ බැ කීය
අපි යාලුවෝ වගේ සැමදා ඉමු කීය

ඇයිදෝ මචං උබ මෙච්චරට ගනන්
ඉන්නකෝ මගේ වී හැමදා  ජොලිනේ මචං
අනේ බැහැ මම ඔව්වට නැනේ මචං
අයියෝ සල්ලි හදවත මගේ කුඩුනේ බොලව්....
 

මගේ කිව්වට මගේ නෙමෙයි හොදේ... යාලුවෙකුගේ අත්දැකිමක් මම කවි සිතුවිලි කලා.. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.... තව ලියන්න හිතුනත් ලියන්න බැ වගේ... හිකිස් මේක ආයි කියවනකොට මටම හිනා... දුක්බර විදිහට ලව් කවි ලියන්න අරගෙන සුපුරුදු පිස්සු ආතල් ජොලි පොර විදිහට ඉවර කරලා..ආරේ ගුන නැරේ නේ... කෝම උනත් ජොලි කවියකින් දුක්බර ලව් ස්ටෝරිය ඉවර කලා... හෙහ් හෙහ්

ආහ් කියන්න බැරි උනානේ
මේ දවස් වල මාර බිසි. ඒකයි කාලෙකින් ලියන්න බැරි උනේ... පොටෝ ගහන්න ගියානේ යාලුවෝ එක්ක. ඒවායේ රස රස කතාත් ලියන්නම්කෝ.. ඔන්න හෙට අලුත්ම කතාවක් අරගෙන එන්නම්. අදට ඇති.. පොඩ්ඩක් දුක්බර මූඩ් එකක ඉන්නේ... :D




කට්ටියට බුදුසරණයි...


ප.ලි.

හරී හරී බොරු ඔනේ නැනේ යාලුවා කිව්වේ මමම තමා හොදේ... හිකිස් :D

Saturday, December 22, 2012

බල්ලෝ සමග යුද ප්‍රකාශ කිරීම

මං... මං..ආව ජැක්... (පසුබිමින්- එවුරි නයිට් ඉන් මයි ඩ්‍රීම්ස්....)

ඔයාට මාව විස්වාසයිද රෝසී (අයි සී යූ...අයි ෆීඊඊඊඊල් යූ)

ඔව් ජැක් මට ඔයාව විස්වාසයි (දෑටිස් හව් අයි නෝ යූ...)

අපි අපේ ලෝකයක් හොයාගෙන පියාඹලා යමු රෝසි (ගෝ ඕන්න්..)


                          අඩේ මොකක්ද බොල ඒ කුජීත ඇඩ් එක... ඒ මදිවට මහා හයියෙන් ටී.වී එකත් දාලා. යකෝ මුන් එකෙක්ටවත් තේරෙන්නේ නැනේ මම බුදි කියලා. ඊයේ රෑ ලෝක විනාසේ වෙන හැටි බලන්න හිටියා කොහෙද ඒක උනෙත් නැ.. හැබැයි මරු ප්‍රෝග්‍රෑම් එකක් නම් බැලුවා... ඇතුලාන්තය  මරුවට කිව්වා ඕක ගැන. රෝසා සර්ත් ඇවිත් හිටියේ... මොක උනත් ලස්සන ප්‍රෝග්‍රෑම් එක.. අන්තිමට මොනවා කරන්නද 2012 පිලුම් එක බලලා මහ පාන්දර හැමෝමට සුභ ලෝක විනාසයක් විශ් කරලා දොයිගත්තා... 


"අම්මේ ඕක අඩු කරන්න.."  කියලා නිදාගත්තා විතරයි

බව්ව්ව්ව්ව් බව්ව්ව්ව්ව්..
අනේ අම්මපා මේ බල්ලො බුරන්නෙත් මම නිදාගන්න වෙලාවටමනේ...


බල්ලාගේ මව් තුමිය මතක් කරන ගමන් ඇදින් නැගිටලා අයිස් ඒජ් බලන්න ගත්තා.

බව්ව්ව්ව්ව්ව්... බව්ව්ව්ව්ව්... ගර්
ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්... ගර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්...

මොන වෙඩිමක්ද මේ....

මම ගියා වෙඩිල්ල වගේ එලියට... මදර් ඔෆ් ගෝඩ්

                  අර ට්වලයිට් එකේ වෘකයෝ රංචුව වගේ... වගේ හොදේ බලු රංචුවක්... යකඩෝ 12ක් විතර ඉන්නවා. ඒ එක්ක එහා ගෙදර බැල්ලිත් ඉන්නවා... එහා ගෙදර මිනිස්සු ඇති කරන ගැනු බල්ලා හොදේ බැල්ලී කිව්වේ. නැත්තම් කියයි අසභ්‍යයයි කියලා අපි....


මෙන්න මේ වගේ තමා බලු රංචුව


      මට පේන්නේ බල්ලෝ සෙට් එක බැල්ලිගේ හිත දිනාගන්න දගලනවද කොහෙද..... හිකිස්... අපේ කොල්ලොත් ඔය වගේනේ... සද්දේ දාන්නේ කෙල්ල ඉස්සරහනේ.. ඒවා වැඩැක් නැ මේක දැන් මට මහ වදයක් උනා.. මොකද කලේ මම යුද්ධ ප්‍රකාශ කලා උන්ට..

      තොපි එක බල්ලෙක් අපේ වත්තේ සීමවට එන්නේ නැ කියලා උන්ව මම පන්න ගත්තා. මොක උනත් එක පාරට ප්‍රහාර එල්ල කරන්න හොද නැනේ..


              අඩේ මුන් බල්ලොන්ගෙත් බල්ලෝ ටිකක්.... මුන් මෙන්න ආයි එනවා... මේ බැල්ලෙගේ කූඩුව ලග තමා මුන් දගලන්නේ. ඒකට යන්නේ අපේ වත්ත හරහා. අනේ ඉකේ නන්නානේ කිව්වලු...  

මේ විදිහට තමයි මුන්ගේ ගේම් ප්ලැන තිබ්බේ... ඔය රතු පාටින් තියෙන්නේ බල්ලොන්ගේ ගමන් මාර්ගය

                      දැන් වැඩේ මට ඇතිම උනා.. හොයාගත්තා පත ගල් ටිකක්.. තියාගත්තා පෝටිකෝවේ. ආයිත් වරෙන්කෝ කියලා මම අයිස් ඒජ් බලන්න ගත්තා. ඔන්න මට ආයි මගේ හතුරු සේනාවගේ සද්දේ ඇහෙනවා... මාව තරහෙන් පොපියනවා... යෞවනේ පොපියන චමත්කාරෙන් උගුරකුත් බීල සරමත් උස්සගෙන ඉස්සුවා කිව්වට කැහැපට ගහනවද මොකක්ද කියන්නේ අන්න එහෙම කරගෙන ගත්තා ගල් ටික ගත්තා ටාගට් එක... අණ ලැබෙන්න විතරයි තියෙන්නේ ප්‍රහාරය දියත් කරන්න. වෙන කවුරුත් නැ අණ දෙන්න.. මමම අණ දීලා ගැහුවා.. එලම තමයි පළමු ප්‍රහාරය අති සාර්ථකයි...3කට විතර වැදුනා නස්පු* වෙන්න. 

කෝමින් කෝම හරි තුන් හතර පාරකට ඔය වගේ යුද්දේ ගියා. අන්තිමට උන්ටම එපා උනාද කොහෙද අපේ ගේ ළගින්නම් ආයි ගියේ නැ. අන්තිමට මට අයිස් ඒජ් බලන්න උනෙත් නැ. බල්ලොන්ගේ වදේ නම් ඉවර කරගත්තා....

අන්තිමට ලෝක විනාසේ කෙසේ වෙතත් බල්ලොන්ගේ විනාසේ නම් කරා...


ප. ලි.

බල්ලන්ගේ සහ බැල්ලිගේ ප්‍රේම සම්බන්ධයට එල්ල වූ බාධාවට මාගේ සාතීශය සංවේගය.


සාරංශය...

මෙතන කියවුන ලවු ස්ටෝරී අතරින් හොදම ලවු ස්ටෝරිය,

ට්වයිලයිට් < බලු ලව් එක < ටයිටැනික්




හැමොටම බුදු සරණයි ඈ...

Wednesday, December 19, 2012

ලෝක විනාසය හා ඇහෙන කතා

අයියෝ දැන්නම් මේක තිත්ත වෙලා අෆ්ෆලා.....
කලින් 12.12.12. දැන් ලෝකේ විනාසේ.. මොන බම්බුවක්ද ඕයි මේ....

ටීවි එකවත් බලන්න නැ හැම එකාව ලෝක විනාසේ මාකට් කරනවා. මගේ නම් අදහස මෙතන සිද්ද වෙන දේවල් වලට වඩා මවා පෑමක් කරනව කියලා... මීඩියා එකෙන් මිනිස්සුන්ව අවුස්සනවා වගේම මිනිස්සුත් මේක ගැන ඔනාවට වඩා හිතනවා වැඩියි... ඔන්න ඔතන තමා මෙතන අවූල වෙල තියෙන්නේ..


මේ කට තියන් ඉන්න බැරුව කියන්න බැරි හින්දා තමා මේ ලියන්නේ..... මොකක්ද අයිසේ මේ බම්බුව.

                             ලංකාවේ ඉන්න මිනිස්සුන්ගේ හැටියක් තමයි කොහොමත් එක දෙක කරලා කියන එක ඒ විතරක් නෙමෙයි එක එක ඒවා හොයාගෙන යන එක... එහෙම කියද්දි මට හරි සොදුරු චරිතයක් මතක් වෙනවා. ඒ තමා කෝපි කඩේ අබිලිංගේ චරිතය. දන්න දේකුත් නැ හැබැයි මවා පෑමකින් හැම තැනම කේලම් කියනවා.. ඒ වගේ වැඩක් තමා දැන් මේ දවස් ටිකෙත් වෙන්නේ....


              එක එක අය තමන්ගේ හිතට එන අදහස් තම තමුන්ට කැමති විදිහට කියනවා. ඉතින් ඕවා අහන් ඉන්න උන් තවත් තැන් වල ගිහින් කියනවා. ඊලගට මිනිස්සු බොරුවට කලබල වෙනවා...

දැන් බලන්න රතු වැස්සක් වැස්සලු,

කට්ටියක් කියනවා....


  • පිටසක්වල ජීවී ආක්‍රමණයක්ලු.
  • පිටරටක කරපු ජෛව රසායනික අවියක ප්‍රතිපලයක්ලු.

          මේ වගේ මේක ගැන එක එක අයගේ අයිඩියාස් හැමෝම හැමතැනම කියනවා... ඉතින් මේ වගේ කතා ඇහුවම ඊලගට මිනිස්සු කලබල වෙනවා... ඒත් අන්තිමට මොකක්ද උනේ ???

රතු වැස්ස ස්වාභාවික සංසිද්ධියක් මත සිද්ද වෙච්ච දෙයක් කියලා බ්‍රිතාන්‍ය බකිංහැම් විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා මධ්‍යස්ථාන කේන්ද්‍රයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතා කියලා තියෙනවා....
         ඔහුට අනුව නම් අපි කවුරුත් දන්නා විදිහට උල්කා වැටීම සාමාන්‍ය දෙයක්. ඒවා පෘථිවියට වැටෙනකොට වායුගෝලයේ දහනය වෙලා තමයි වැටෙන්නේ... ඉතින් එතකොට ඇතිවෙන දුවිලි අංශු වායුගෝලයේ තිබිලා වැහි වලා සමග එකතුවෙලා වැහි ජලය සමග එනවා කියලා තමයි විශ්වාස කරන්නේ..




ඔන්න ඊට පස්සේ දොළක වතුර රතු උනා කිව්වා... පැහැදිලිවම එතන වෙලා තියෙන්නේ ඇල්ගී වැඩිමක් බව හිතාගන්න පුලුවන්.

ඊලගට තව ප්‍රදේශයක කහ වැස්සක් වැටුනා කියලා කියන්න ගත්තා... ඒත් ඉතින් අර විදිහටම උල්කාවක දුවිලි අංශුම වෙන්න ඔනනේ..

අපි ඉස්සරත් අහල තියෙනවා මාලු වැහි ගැන... ඒත් දැන් මිනිස්සු ඒකත් ලෝක විනාසෙට සම්බන්ද කරගෙන කතා කරනවා...
ඇයි මන්දා මේ මිනිස්සු මේම කතා හදන්නේ ???

ඇඹිලිපිටියටත් රුහුණු විශ්වවිද්‍යාලයටත් මේ විදිහට මාලු වැහි වැහැලා තියෙනවා.මගේ නම් අදහස මේ ඔක්කෝම ස්වාභාවික සංසිද්ධි.මොකද ටොනාඩෝ එකකට මුහුදේ ජලය සමග මාලුන්ද ඉහලට නැගෙන්න පුලුවන් වගේම පස්සේ වැස්ස සමග උන් පාලට වටෙන්නත් පුලුවන්නේ



ඊලගට එක එක අභිරහස් යානා සමහරු දැකලා තියෙනවා. නමුත් ඒවා පිළිබදව ගුවන් හමුදාවේ රේඩර් වල සටහන් වෙලා නැ... ඒ කියන්නේ ඇත්තටම මේක වෙන්න පුලුවන්ද නැත්තම් මේක මවා පෑමක්ද ???

ඊළගට මේ මායාවරුන්ගේ කැලැන්ඩරේ.. ඒකට අනුව 2012.12.21 ලෝකේ විනාස වෙනවලු..

ඔවුන් කුමක් හෝ දියුණු තාක්ශණක් තිබු වාසින් බව අපට තේරුම් ගත හැකි වුනත් ඔවුන් මේ කියන විදිහට ලෝකේ විනාශ වෙන්න පුලුවන්ද ?? මේ ගැන පරීක්ශන කරන නාසා වගේ ආයතන නම් කියන්නේ මේ වගේ දෙයක් නුදුරු අනාගතේ සිද්ද වෙන්නේ නැති බවයි.... ඒ වගේම මායවරු කිව්ව විදිහට දවස් ගණනක් හිරු පායන්නේ නැතුව අදුරක් ඇති විය නොහැකි බවයි..




මේ ලෝක විනාසය කියන කතාව ගැන මගේ අදහස නම්,
       මෙතන ඇත්තටම සිද්ද වෙන්නේ ලෝකේ විනාශයක් නෙමෙයි නමුත් මිනිසාගේ චින්තනයේ වෙනසක් වෙන්න පුලුවන් කියලයි මගේ අදහස. මිනිස්සු ජීවත් වන රටාව ඔවුන්ගේ ගති පැවතුම් වෙනස් වෙන්න පුලුවන්. ඒ වගේම මේ දවස් වල සිද්ද වෙන ස්වාභාවික විපත් යම් හෙයකින් මෙයට හේතු වෙන්න පුලුවන්.

දැන් බෞද්ධ විශ්වාසයන්ට අනුව මේ ලෝකේ ඉන්න මිනිස්සුන්ගෙන් යහපත් වගේම අයහපත් මිනිස්සු අතරින් අයහපත් මිනිසුන් ලොවෙන් ඉවත් කරන ස්වාභාවික සංසිද්දියක් වෙන්නත් පුලුවන්....


මොකද අපිට මේ දවස් වල විවිධ අයුරින් සිද්ද වෙච්ච සිද්දි දාමයක් නිසා මරණ බොහෝ සංඛ්‍යාවක් අහන්න ලැබුණා.. ඒ හින්දා මගේ අදහස නම් මේකෙදි සිද්ද වෙන්නේ ලෝක විනාසයක් නෙමෙයි මිනිසුන්ගේ වෙනසක් හා ඔවුන්ගේ ජීවන රටාවේ වෙනසක් බවයි.....

හැමෝටම බුදුසරණයි !!!!

මාළුන්ට කැම ටිකකුත් දාලම යන්න ඈ :D 


ප. ලි.

මේ දවස් වල ඉර පායන්නෙත් නැගෙනහිරින් නෙමෙයිලු.... ඊසානෙන්ලු. හප්පද බොල ඉර කෝමද බොලව් ගානට මිම්මට නැගෙනහිරින්ම පායන්නේ. වෙනදත් ඔය විදිහටම පායපු ඉරේ දිශාව ගැන මිනිස්සු මෙච්චර හිතන්න ගත්තේ මේ දැන්නේ..... :P


මේවා ඉතින් කාට කියන්නද ???