අද මං වෙනසකටත් එක්ක ඔයාලට කවි වාදයක් අරගෙන ආවා...
අර මන් ඊයේ රෑ කවි වගයක් ලියලා දැම්මනේහිත ගිය තැන මාලිගාව කියලා.... හෙහ් හෙහ් ඒකේ කෙල්ල ඒවා අද දැකලා මාත් එක්ක මල පැනලා. පස්සේ අනම් මනම් කියද්දි එයා කියනවා ඕන එකක් කරගන්නලු එයාට ඒවා අදාල නැ කියලා.. අන්න ඒ විදිහට ඒ මං කිව්ව කෙල්ල මට කින්ඩියට වගේ කවි පදේකින් ගැහුවා. මාත් ගේම අතැරියේ නැ... මේ තියෙන්නේ ඒ කවි. ෆෝන් එකේ සල්ලි ඉවර වෙනකන් දෙන්නා තරගෙට කවි ටෙක්ස්ට් කලා නේ. මේන් ඒවා..
කෙල්ල :- මට අදාල නැත ඔබට තමා ඕවා අදාල....
මම :- මටත් අදාල නැත ඕවා..
එනමුත් හිට් වී ඇත එම කවිය මගේ..
කෙල්ල :- දුකෙන් වුවත් දෙයක් කිව යුතුය
මිතුර උඹට කවි ලියන්ට බැරිය බව
දැනගෙන හරිහැටි කරනා දෙවල් නුඹ
කරපන් රාජකීය නම සිහිකරමින
මම :- උඹේ කවියේ පද ගැලපුම චාටර්ය
කිව යුතු මිතුරියේ තරහා නොවනු මැන
උඹට කලින් මගේ කවි මගේ බ්ලොගය තුල
හිට් වී ඇත නුබ දුක් නොවනු මැන
කෙල්ල :- නැත මට දුක ඩෝ උඹ ගැන කිසිම විට
ඇත්තේ එක දෙයයි එය මහ දුකක් මට
අඩෝ උබට හැකිනම් කවි ලියන්නට
පනිනවා කැළණි ගගට මෙමා දෙකක් නැත
මම :- එහෙනම් බොක්ක උඹ හට ඉතුරුව ඇත්තේ
උඹ කිව් දේ මිසක් වෙන අන් දෙයක් නොවේ
මා කවි ලියා එක දෙක වී ඇත්තේ
එහෙයින් කැළණි ගග වෙත පා නගනු මැනේ
කෙල්ල :- එහෙනම් සිතා ගන්නට හැකිවේ මෙමට
ලිව්ව අනිත් උන්ගේ කවි හැකියාව
අඩෝ උඹට පුලුවන්නම් ලියන්නට
මොකෝ ලියන්නේ අද උඹ හිස් වචන
දන්නේ දනිති තම තමන්ගේ හැකියාව
පිරුණු කලේ දිය වෙන්නැ සෙලවිල්ල
ඒ බව උඹත් සිහිකොට හැම විට ඉන්න
රාජකීය කට තිබුනට වැඩ මදිය
මම :- රාජකීය නම පමණක්ම නොව
හැකියාවද මා හට ඇත නැහැ සැකය
කනත්ත බාලිකාවේ තෝ නාන බව
දෙලොවක් මැද්දේ ඉන්නා තෝ දන්නවද
කෙල්ල :- දැනගෙන නිබද මේ ලොව ඇති නිසරු බව
කිතු ගොස නගයි අපි මේ ලොව සතර දෙස
රාජකීය විදු මෑණිට දෙවි පිහිට
මෙහෙම ගියොත් වෙන්නේ උඹට නාගන්න
මම :- උඹ සබනුත් ගා නා අහවරය
මට නාන්නට තව නම් ඉතුරු නැත
හොද හැටි නා ගත් තෝ දැන් මෙතන
ඉන්නේ නැතුව පල චාටර් නොවී තව
ඊයේ මා ලිව්වේ අප්සෙට් මූඩ් එකේ
එනමුත් එයද හිට් වී ඇත මගේ මිතුරේ
එනමුත් යම් දෙයක් නිසැකව කිව යුතුවේ
උබටත් හොදින් පද ගැලපීමට හැකිවේ
කෙල්ල :- පල ඩෝ යන්න බොරු බයිලා නොකියා තව
උඹේ මුරුංගා අත්තට වැදියන් හෙනම හත
ඇත්තේ මෙතන ටෙක්ස්ටින් වාගේ මිතුර
කවි හැකියාව ගැන නුබ වද නොවනු මැන
මම :- මා කවි දෙක තුනක් ලියනා විට මිතුරේ
උඹ කවි එකක් ගලපන්නේ තටමින්නේ
එනමුත් උඹට හැකියාවක් නොමැත නොවේ
දිගු ගමනකට ආසිරි මම පතමි මෙසේ
කවි පද ගලපන්න උඹ ලත වෙන බවද
මා ඔබ හට වඩා කවි ජගතෙකුද බව
දැනගනු මිතුරියේ දැන්වත් තුටු සිතින
තරහ නොවනු තෝ මට වැලි කැට වැනිය
හෝහෝ මෙමට නවතන්නට බෑනේ හිනා
තොගේ ගොන්ටා අදහස් නොගැලපේය විනා
දේවිය යන්න දැන් තෝ චාටර් වීලා
රෝයල් අපි දින්නා ගේමක් නැතුවා
කෙල්ල :- අනේ යකෝ තොට දීල මෙහි දිනුම
මට වෙන්නේ කැළණි ගගට පනින්නය
දැනගෙන නියම කව් ගැලපුම් හැකියාව
දේවීය ලබා ගනීනේ මෙහි නියම ජය
මම :- උඹේ පද අතර ගැලපුම නම් ගූ හතය
මා හා හැරෙන්නටවත් තොට නම් බැරිය
දැන්වත් ඇත්ත තේරුම් ගෙන තෝ මෙලෙස
මේ කවි වාදේ ජය මා හට දීලා පල
කෙල්ල :- බිව්වේ කිරිද ඔටු උඹ පොඩි කාලේදි
දිනුම මටයි කිසි සැකයක් එහි නැත්තේ
ඉතින් යකෝ අදින් පස්සෙවත් ආයේ
තේරුම් ගනින් මිතුදම ලොකු බව ලෝකේ
මම :- තේරුම් ගත්තා කෙල්ලේ එය හොද පදමින්
තෝත් එක්ක මේ ලව් ඉලව්වට වැඩියෙන්
මේ ෆිට් එක වටිනව මට හොද තරමින්
තැන්කූ තේරුම් කලාට එය මට නියමින්
හරී කෝම හරි ලව් අනියතං මිතු දම නියතං... හිකිස්.. මේ උදාවන අළුත් අවුරුද්දේ ඒකියි මායි බොක්ක ෆිට් එක උනා... අන්න ඒ විදිහට ඒ ක්‍රශ් එකත් ඉවර උනා.
එහෙනම් උදාවන නව වසර... මැසි මදුරු කරදර වලින් තොර, ලෝක විනාස වලින් තොර, රතු කහ කොල පාට වැහිවලින් සපිරි, පිටසක්වල ගමන් ඇති, අළුත් ආණ්ඩුවක් එන, හලාල් වර්ජිත.. ම්ම්ම්ම්... තව විභාග අවුල් නොවෙන, නයිට් රේස් ඇති පට්ට කෑලි සෙට් වෙන සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා !!!!
Monday, December 31, 2012
Sunday, December 30, 2012
හිත ගිය තැන මාලිගාව
ගොඩ කාලෙකින් පෝස්ටුවක් දාන්නත් බැරි උනා. බ්ලොග පාලුවට ගිහිල්ල... මකුළු දැලුත් බැදලා ද කොහෙද....මේ දවස් වල හලී ප්‍රශ්නෙනේ ලියන්නවත් මුකුත් අයිඩියා එකක් එන්නෙත් නැ ඔලුවට. මෙහෙන් මේක වේලෙනවා.. දුකේ බැ.අනේ මන්දා මොනවා වෙනවද කියලා.. අර මායා කාරයෝ කිව්වා වගෙ අලුත් යුගයක් ආරම්භ වෙලාද මන්දා.... මුලු ලෝකේම කම්මැලි මොකක්ද එහෙකින් වහලා වගේ... පුදුම කම්මැලි කමක්නේ තියෙන්නේ.
කිසිම කික් එකක් නැ. ඉන්න ගමන් නිකන් පෙම් කවි පද සිතිවිලි මගේ සිතට පහල උනා. ලොල් ඈ... ඕන් ඉතින් ලිව්වා
මගේ කිව්වට මගේ නෙමෙයි හොදේ... යාලුවෙකුගේ අත්දැකිමක් මම කවි සිතුවිලි කලා.. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.... තව ලියන්න හිතුනත් ලියන්න බැ වගේ... හිකිස් මේක ආයි කියවනකොට මටම හිනා... දුක්බර විදිහට ලව් කවි ලියන්න අරගෙන සුපුරුදු පිස්සු ආතල් ජොලි පොර විදිහට ඉවර කරලා..ආරේ ගුන නැරේ නේ... කෝම උනත් ජොලි කවියකින් දුක්බර ලව් ස්ටෝරිය ඉවර කලා... හෙහ් හෙහ්
ආහ් කියන්න බැරි උනානේ මේ දවස් වල මාර බිසි. ඒකයි කාලෙකින් ලියන්න බැරි උනේ... පොටෝ ගහන්න ගියානේ යාලුවෝ එක්ක. ඒවායේ රස රස කතාත් ලියන්නම්කෝ.. ඔන්න හෙට අලුත්ම කතාවක් අරගෙන එන්නම්. අදට ඇති.. පොඩ්ඩක් දුක්බර මූඩ් එකක ඉන්නේ... :D
කට්ටියට බුදුසරණයි...
ප.ලි.
හරී හරී බොරු ඔනේ නැනේ යාලුවා කිව්වේ මමම තමා හොදේ... හිකිස් :D
කිසිම කික් එකක් නැ. ඉන්න ගමන් නිකන් පෙම් කවි පද සිතිවිලි මගේ සිතට පහල උනා. ලොල් ඈ... ඕන් ඉතින් ලිව්වා
පොත් සල්පිලක ඔබ මා හා ඇස ගැටුනා
අපගේ මිතුදමත් දින දින වැඩිම උනා
පන්තියේ බස් රථයේ නිතරම හමුම උනා
මගෙ සිත කෙමෙන් ඔබ රුව හට පෙම් බැන්දා..
අපගේ මිතුදමත් දින දින වැඩිම උනා
පන්තියේ බස් රථයේ නිතරම හමුම උනා
මගෙ සිත කෙමෙන් ඔබ රුව හට පෙම් බැන්දා..
ඇයිදෝ දෙවියනී මා මේ වරද කලේ
මගේ මිතුරියට මා මෙලෙසින් පෙම් බැන්දේ
මගෙ සිත කවදවත් මට නොම සම දෙන්නේ
මහට ඔබව අමතක බැ මෙය ලිව්වේ
මගේ මිතුරියට මා මෙලෙසින් පෙම් බැන්දේ
මගෙ සිත කවදවත් මට නොම සම දෙන්නේ
මහට ඔබව අමතක බැ මෙය ලිව්වේ
කොන්ඩය කෙටිය මුහුනත් හොද පැහැපත්ය
ජොලියට බරය ගති පැවතුම් හොදම විය
උපතින් මුඛරි බව නම් ඇය හා සතුය
එහෙයින් මගෙ සිතත් නිතරම ඇය ලගය
ඉන්නට බැ හැම විට හිත ඇය ලගය
අමාරුවෙන් අදහස මා පැවසීය
ගත් කටටම ඇය මට අනේ බැ කීය
අපි යාලුවෝ වගේ සැමදා ඉමු කීය
ජොලියට බරය ගති පැවතුම් හොදම විය
උපතින් මුඛරි බව නම් ඇය හා සතුය
එහෙයින් මගෙ සිතත් නිතරම ඇය ලගය
ඉන්නට බැ හැම විට හිත ඇය ලගය
අමාරුවෙන් අදහස මා පැවසීය
ගත් කටටම ඇය මට අනේ බැ කීය
අපි යාලුවෝ වගේ සැමදා ඉමු කීය
ඇයිදෝ මචං උබ මෙච්චරට ගනන්
ඉන්නකෝ මගේ වී හැමදා ජොලිනේ මචං
අනේ බැහැ මම ඔව්වට නැනේ මචං
අයියෝ සල්ලි හදවත මගේ කුඩුනේ බොලව්....
ඉන්නකෝ මගේ වී හැමදා ජොලිනේ මචං
අනේ බැහැ මම ඔව්වට නැනේ මචං
අයියෝ සල්ලි හදවත මගේ කුඩුනේ බොලව්....
මගේ කිව්වට මගේ නෙමෙයි හොදේ... යාලුවෙකුගේ අත්දැකිමක් මම කවි සිතුවිලි කලා.. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.... තව ලියන්න හිතුනත් ලියන්න බැ වගේ... හිකිස් මේක ආයි කියවනකොට මටම හිනා... දුක්බර විදිහට ලව් කවි ලියන්න අරගෙන සුපුරුදු පිස්සු ආතල් ජොලි පොර විදිහට ඉවර කරලා..ආරේ ගුන නැරේ නේ... කෝම උනත් ජොලි කවියකින් දුක්බර ලව් ස්ටෝරිය ඉවර කලා... හෙහ් හෙහ්
ආහ් කියන්න බැරි උනානේ මේ දවස් වල මාර බිසි. ඒකයි කාලෙකින් ලියන්න බැරි උනේ... පොටෝ ගහන්න ගියානේ යාලුවෝ එක්ක. ඒවායේ රස රස කතාත් ලියන්නම්කෝ.. ඔන්න හෙට අලුත්ම කතාවක් අරගෙන එන්නම්. අදට ඇති.. පොඩ්ඩක් දුක්බර මූඩ් එකක ඉන්නේ... :D
කට්ටියට බුදුසරණයි...
ප.ලි.
හරී හරී බොරු ඔනේ නැනේ යාලුවා කිව්වේ මමම තමා හොදේ... හිකිස් :D
Saturday, December 22, 2012
බල්ලෝ සමග යුද ප්‍රකාශ කිරීම
මං... මං..ආව ජැක්... (පසුබිමින්- එවුරි නයිට් ඉන් මයි ඩ්‍රීම්ස්....)
ඔයාට මාව විස්වාසයිද රෝසී (අයි සී යූ...අයි ෆීඊඊඊඊල් යූ)
ඔව් ජැක් මට ඔයාව විස්වාසයි (දෑටිස් හව් අයි නෝ යූ...)
අපි අපේ ලෝකයක් හොයාගෙන පියාඹලා යමු රෝසි (ගෝ ඕන්න්..)
අඩේ මොකක්ද බොල ඒ කුජීත ඇඩ් එක... ඒ මදිවට මහා හයියෙන් ටී.වී එකත් දාලා. යකෝ මුන් එකෙක්ටවත් තේරෙන්නේ නැනේ මම බුදි කියලා. ඊයේ රෑ ලෝක විනාසේ වෙන හැටි බලන්න හිටියා කොහෙද ඒක උනෙත් නැ.. හැබැයි මරු ප්‍රෝග්‍රෑම් එකක් නම් බැලුවා... ඇතුලාන්තය මරුවට කිව්වා ඕක ගැන. රෝසා සර්ත් ඇවිත් හිටියේ... මොක උනත් ලස්සන ප්‍රෝග්‍රෑම් එක.. අන්තිමට මොනවා කරන්නද 2012 පිලුම් එක බලලා මහ පාන්දර හැමෝමට සුභ ලෝක විනාසයක් විශ් කරලා දොයිගත්තා...
බව්ව්ව්ව්ව් බව්ව්ව්ව්ව්..
අනේ අම්මපා මේ බල්ලො බුරන්නෙත් මම නිදාගන්න වෙලාවටමනේ...
බල්ලාගේ මව් තුමිය මතක් කරන ගමන් ඇදින් නැගිටලා අයිස් ඒජ් බලන්න ගත්තා.
බව්ව්ව්ව්ව්ව්... බව්ව්ව්ව්ව්... ගර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්... ගර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්...
මොන වෙඩිමක්ද මේ....
මම ගියා වෙඩිල්ල වගේ එලියට... මදර් ඔෆ් ගෝඩ්
අර ට්වලයිට් එකේ වෘකයෝ රංචුව වගේ... වගේ හොදේ බලු රංචුවක්... යකඩෝ 12ක් විතර ඉන්නවා. ඒ එක්ක එහා ගෙදර බැල්ලිත් ඉන්නවා... එහා ගෙදර මිනිස්සු ඇති කරන ගැනු බල්ලා හොදේ බැල්ලී කිව්වේ. නැත්තම් කියයි අසභ්‍යයයි කියලා අපි....
මට පේන්නේ බල්ලෝ සෙට් එක බැල්ලිගේ හිත දිනාගන්න දගලනවද කොහෙද..... හිකිස්... අපේ කොල්ලොත් ඔය වගේනේ... සද්දේ දාන්නේ කෙල්ල ඉස්සරහනේ.. ඒවා වැඩැක් නැ මේක දැන් මට මහ වදයක් උනා.. මොකද කලේ මම යුද්ධ ප්‍රකාශ කලා උන්ට..
තොපි එක බල්ලෙක් අපේ වත්තේ සීමවට එන්නේ නැ කියලා උන්ව මම පන්න ගත්තා. මොක උනත් එක පාරට ප්‍රහාර එල්ල කරන්න හොද නැනේ..
අඩේ මුන් බල්ලොන්ගෙත් බල්ලෝ ටිකක්.... මුන් මෙන්න ආයි එනවා... මේ බැල්ලෙගේ කූඩුව ලග තමා මුන් දගලන්නේ. ඒකට යන්නේ අපේ වත්ත හරහා. අනේ ඉකේ නන්නානේ කිව්වලු...
දැන් වැඩේ මට ඇතිම උනා.. හොයාගත්තා පත ගල් ටිකක්.. තියාගත්තා පෝටිකෝවේ. ආයිත් වරෙන්කෝ කියලා මම අයිස් ඒජ් බලන්න ගත්තා. ඔන්න මට ආයි මගේ හතුරු සේනාවගේ සද්දේ ඇහෙනවා... මාව තරහෙන් පොපියනවා... යෞවනේ පොපියන චමත්කාරෙන් උගුරකුත් බීල සරමත් උස්සගෙන ඉස්සුවා කිව්වට කැහැපට ගහනවද මොකක්ද කියන්නේ අන්න එහෙම කරගෙන ගත්තා ගල් ටික ගත්තා ටාගට් එක... අණ ලැබෙන්න විතරයි තියෙන්නේ ප්‍රහාරය දියත් කරන්න. වෙන කවුරුත් නැ අණ දෙන්න.. මමම අණ දීලා ගැහුවා.. එලම තමයි පළමු ප්‍රහාරය අති සාර්ථකයි...3කට විතර වැදුනා නස්පු* වෙන්න.
කෝමින් කෝම හරි තුන් හතර පාරකට ඔය වගේ යුද්දේ ගියා. අන්තිමට උන්ටම එපා උනාද කොහෙද අපේ ගේ ළගින්නම් ආයි ගියේ නැ. අන්තිමට මට අයිස් ඒජ් බලන්න උනෙත් නැ. බල්ලොන්ගේ වදේ නම් ඉවර කරගත්තා....
අන්තිමට ලෝක විනාසේ කෙසේ වෙතත් බල්ලොන්ගේ විනාසේ නම් කරා...
ප. ලි.
බල්ලන්ගේ සහ බැල්ලිගේ ප්‍රේම සම්බන්ධයට එල්ල වූ බාධාවට මාගේ සාතීශය සංවේගය.
සාරංශය...
මෙතන කියවුන ලවු ස්ටෝරී අතරින් හොදම ලවු ස්ටෝරිය,
ට්වයිලයිට් < බලු ලව් එක < ටයිටැනික්
හැමොටම බුදු සරණයි ඈ...

"අම්මේ ඕක අඩු කරන්න.." කියලා නිදාගත්තා විතරයි

![]() |
| මෙන්න මේ වගේ තමා බලු රංචුව |
මට පේන්නේ බල්ලෝ සෙට් එක බැල්ලිගේ හිත දිනාගන්න දගලනවද කොහෙද..... හිකිස්... අපේ කොල්ලොත් ඔය වගේනේ... සද්දේ දාන්නේ කෙල්ල ඉස්සරහනේ.. ඒවා වැඩැක් නැ මේක දැන් මට මහ වදයක් උනා.. මොකද කලේ මම යුද්ධ ප්‍රකාශ කලා උන්ට..
තොපි එක බල්ලෙක් අපේ වත්තේ සීමවට එන්නේ නැ කියලා උන්ව මම පන්න ගත්තා. මොක උනත් එක පාරට ප්‍රහාර එල්ල කරන්න හොද නැනේ..
අඩේ මුන් බල්ලොන්ගෙත් බල්ලෝ ටිකක්.... මුන් මෙන්න ආයි එනවා... මේ බැල්ලෙගේ කූඩුව ලග තමා මුන් දගලන්නේ. ඒකට යන්නේ අපේ වත්ත හරහා. අනේ ඉකේ නන්නානේ කිව්වලු...
![]() |
| මේ විදිහට තමයි මුන්ගේ ගේම් ප්ලැන තිබ්බේ... ඔය රතු පාටින් තියෙන්නේ බල්ලොන්ගේ ගමන් මාර්ගය |
දැන් වැඩේ මට ඇතිම උනා.. හොයාගත්තා පත ගල් ටිකක්.. තියාගත්තා පෝටිකෝවේ. ආයිත් වරෙන්කෝ කියලා මම අයිස් ඒජ් බලන්න ගත්තා. ඔන්න මට ආයි මගේ හතුරු සේනාවගේ සද්දේ ඇහෙනවා... මාව තරහෙන් පොපියනවා... යෞවනේ පොපියන චමත්කාරෙන් උගුරකුත් බීල සරමත් උස්සගෙන ඉස්සුවා කිව්වට කැහැපට ගහනවද මොකක්ද කියන්නේ අන්න එහෙම කරගෙන ගත්තා ගල් ටික ගත්තා ටාගට් එක... අණ ලැබෙන්න විතරයි තියෙන්නේ ප්‍රහාරය දියත් කරන්න. වෙන කවුරුත් නැ අණ දෙන්න.. මමම අණ දීලා ගැහුවා.. එලම තමයි පළමු ප්‍රහාරය අති සාර්ථකයි...3කට විතර වැදුනා නස්පු* වෙන්න.
කෝමින් කෝම හරි තුන් හතර පාරකට ඔය වගේ යුද්දේ ගියා. අන්තිමට උන්ටම එපා උනාද කොහෙද අපේ ගේ ළගින්නම් ආයි ගියේ නැ. අන්තිමට මට අයිස් ඒජ් බලන්න උනෙත් නැ. බල්ලොන්ගේ වදේ නම් ඉවර කරගත්තා....
අන්තිමට ලෝක විනාසේ කෙසේ වෙතත් බල්ලොන්ගේ විනාසේ නම් කරා...
ප. ලි.
බල්ලන්ගේ සහ බැල්ලිගේ ප්‍රේම සම්බන්ධයට එල්ල වූ බාධාවට මාගේ සාතීශය සංවේගය.
සාරංශය...
මෙතන කියවුන ලවු ස්ටෝරී අතරින් හොදම ලවු ස්ටෝරිය,
ට්වයිලයිට් < බලු ලව් එක < ටයිටැනික්
හැමොටම බුදු සරණයි ඈ...
Subscribe to:
Posts (Atom)